පසුගිය 10 වනදා මීගමුවෙන් ධීවර රැකියාව සදහා පිටත්වූ බහුදින යාත්රාවක පොප්ලරයෙ පැටලුන උරයක් ඉවත්කිරීමට යාමේදී ධීවරයෙක් මුහුදේ අතුරුදහන් විය. ඔහුගේ සිරුර ඊයේ (11) දූව වෙරළට ගොඩගසන ලදී. මෙසේ අනතුරට ලක්වූයේ හැවිරිදි මෙම ධීවරයා 50 හැවිරිදි විජේසිංහ ආරච්චිගේ මංජු සිසිල කුමාර වන අතර ඔහු පදිංචිව ඇත්තේ ඉරණවිල සමිදුගම ප්‍රෙද්ශයේය. මේ වනවිට ඔහුගේ සිරුර මීගමුව රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතය.












