මිගමුවේ ජනාකිර්ණම ප්‍රදේශයක් වන පෙරියමුල්ලේ ගවඝාතකාගාරයක් ස්ථාපිත කිරිම සඳහා මිගමුව සෞඛ්‍ය කාරක සභාව නිර්දේශ කර ඇතැයි පසුගිය මහ සභා රැස්විමකදි දැනුම් දි තිබුණි
මේ සම්බන්ධයෙන් පැවැති මහසභා රැස්විමකදිද උණුසුම් වාද විවාද පවා ඇතිවිය.
මෙහිදි සෞඛ්‍ය කාරක සභාවේ සභාපතිට එරෙහිව දරුණු වාග් ප්‍රහාර එල්ලවු අතර අදාල ගවඝාතකාගාරයේ
ඉල්ලුම් කරුගෙන් මෙට්ට කොට්ට ලබාගෙන තිබිම ගැනද සංවාදයක් සමාජ මාධ්‍ය තුලද මතුව තිබුණි
කෙසේ වෙතත් පෙරියමුල්ල වැනි අධි ජනාකිර්ණ ප්‍රදේශයක ගව ඝාතකාගාරයක් ස්ථාපිත කිරිමට සෞඛ්‍ය කාරක සභාව විසින් පත්කර තිබුනා යැයි කියන කමිටුවේ නිර්දේශය පදනම් කරගෙන මේ විවේචන විපක්ෂය විසින් මතුකර තිබුණි.












