මීගමුව ජාතික විද්වත් සංවිධානයේ (NIO) සභාපති ධම්මික ප්‍රනාන්දු කෙන්යාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස්ධුරයට.

0
185

 

 

යහපත් සමාජයක් වෙනුවෙන් උස් වු බලාපොරොත්තු සහිතව කටයුතු කල ධම්මික ප්‍රනාන්දු මේ වන විට නිදහස් වෙළද කලාප ආයෝජකයින්ගේ සංගමයේ සභාපති,බස්නාහිර පළාත් කර්මාන්ත අධිකාරියේ අධ්‍යක්ෂක,ජාතික ශ්‍රම සුරක්‍ෂතා හා සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂක,ශ්‍රී ලංකා වෘත්තියවේදී සංගම් සංසදයේ(OPA) උපසභාපති,මීගමුව ජාතික විද්වත් සංවිධානයේ සභාපති(NIO),මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාල ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති යන තනතුරුවල වගකීම්ද ඉෂ්ට කරමින් ඔහුගේ ව්‍යාපාරික කටයුතුවල ද සාර්ථකත්වයක් ලබාගත් විද්වතෙකි.ඊට අමතරව ධම්මික ප්‍රනාන්දු හිටපු ශ්‍රී ලංකා වරලත් මානව සම්බන්ධතා කළමනාකාරීත්ව ආයතනයේ සභාපතිවරයා ලෙසද හිටපු ආසියා ශාන්තිකර මානව සම්පත් කළමනාකරිත්ව සංසදයේ සභාපතිවරයා ලෙසද,හිටපු ලෝක මානව සම්පත් කළමනාකාරිත්ව ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයෙකු ලෙසද විශිෂ්ට සේවාවක් කළ පුද්ගලයෙකි.එවැනි විශිෂ්ටයෙකු වූ ධම්මික ප්‍රනාන්දු ජනාධිපතිතුමාගේ ආරාධනාව මත කෙන්යාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස වගකීම් බාරගැනීමට නියමිතය.

 

InShot 20260313 091646193
—————————————–
විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල ප්‍රධානීන් ලෙස පත් කිරීම සඳහා පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නම් කරන ලද තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් සහ රාජ්‍ය තාන්ත්‍රිකයින් 10 දෙනෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව, ඔවුන්ට එම රාජ්‍යතාන්ත්‍රික ධුරයන්හි රාජකාරි භාර ගැනීමට අවස්ථාව සැලසේ.

මෙලෙස පත් කරන ලද රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් සහ ඔවුන්ගේ ධුරයන් පහත පරිදි වේ.

1. දර්ශන එම්. පෙරේරා මහතා – මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
2. ඩී.එම්.එස්.පී. දසනායක මහතා – ජිනීවාහි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
3. දයානි මෙන්ඩිස් මෙණෙවිය- ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
4. එස්.පී.ඩබ්ලිව්. පතිරණ මහතා – රුමේනියාවේ ශ්‍රී ලංකා තානාපති
5. එන්.අයි.ඩී. පරණවිතාන මෙණෙවිය – ඉතියෝපියාවේ සහ අප්‍රිකානු සංගමයේ ශ්‍රී ලංකා තානාපති සහ නිත්‍ය නියෝජිත
6. එස්. කේ. චන්ද්‍රසිරි මහතා – ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති
7. ධම්මික ප්‍රනාන්දු මහතා – කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්
8. අනුර විතානගේ මහතා – ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති
9. මහාචාර්ය එම්.අයි. ෆසීහා අස්මි මිය – ඉරානයේ ශ්‍රී ලංකා තානාපති
10. එම්. ෆාරුක් එම්. ෆවුසර් මහතා – පලස්තීනයේ ශ්‍රී ලංකා නියෝජිත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here