පේදුරුගේ පරපුරේ ධීවරයා!!!!

0
405

ආදර ජෝශප් අයියේ.
ගමේ මිනිස්සු ඔයාට ආදරේට කිව්වේ ජෝසමරි කියලා .කම්මල්තොට ධීවර සමිතියේ හිටපු සභාපති හැටියට ඉන් පස්සේ ආපු සභාපතිවරුන්ට විතරක් නෙමේ, මුළු ගමටම ඔයා සභාපතිවරයෙක් වුනා.ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් මැදිහ වෙන්න පක්ෂයකට බැඳිලා සේවය කරන්න ඔයාට අවශ්‍ය වුණේ.ඔයා විශ්වාස කළේ ඔයා වටා හිටපු මිනිසුන්ගේ ශක්තිය.එනිසාම ඔයා හැබෑ ජනතාවාදී නායකයෙක්. ( Charismatic Leader )

අපි සමස්ත ලංකා ධීවර ජනතාව වෘත්තිය සංගමය පටන් අරගෙන වැඩ කරද්දි ඔයා ඔයාගේ දහදිය ශ්‍රමය විතරක් නෙමෙයි අතේ තියෙන තුට්ටුව පවා වියදම් කරමින් ශ්‍රී ලාංකීය සමස්ත ධීවරයින් හැමෝවම එකට එකතු කරන්න ගත්තු උත්සාහය හා කැපවීම කියන්න අපිට වචන නැහැ.

හැබැයි ඒ එකකින්වත් ඔයා ලාභාපේක්ෂා, බලාපොරොත්තු වුණේ නැහැ.ඔයාගේ ධීවර සමිතියට විතරක් නෙමෙයි සමස්ත ධීවරයින්ට ප්‍රශ්නයක් ඇතිවෙද්දී ඔයා පාරට බැහැපු ධීවරයෙක්.

ධීවරයන් තමන්ගේ වෘත්තී අයිතිය රැකගන්න එකට එකතු වෙලා පෙරට ආ යුතුයි කියන එක විශ්වාස කරපු ධීවරයෙක්. ඔයා මුහුදු ධීවරයෙක් වුණත් , දුගී දුප්පත් කලපු ධීවරයන් වෙනුවෙන් ඔවුන්ගේ සටන්වලදී, විශේෂයෙන් සී ප්ලේන් අරගලේදි කලපු ධීවරයෝ එක්කත් අත්වැල් බැඳ ගත්තු ධීවරයෙක්.

දකුණේ ඉඳලා උතුරේ යාපනය දක්වා තෙල් මිල වැඩි වීමට එරෙහිව ධීවරයෝ පාරට බහිද්දී, හැකි හැම තැනකදිම ඔයා ඔවුන් එක්ක මාංශගතවුණා.ඔය ඇත්තටම නියම පේදුරුගේ පරපුරේ ධීවරයෙක්.

නමුත්, ඔයාගේ නික්මයාම ඉක්මන් වැඩියි කියලා අපිට හිතෙනවා.
නමුත් ඔයාට ලැබෙච්ච ජීවිත කාලය තුළ ඔයා කරපු සේවය අපේ මතකයේ සදා රැඳේවි. ජෝශප් අයියේ ඔයාට සුබ ගමන්.!!!!!!!
ජූඩ් ප්‍රේමන්.

FB IMG 1774508365863

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here