මාලිමාව මිගමුවට කරපු දේ සහ නොකරපු දේ ?

0
42

♦️

මොනවද NPP(මාලිමා)🧭 ආණ්ඩුව ගතවුණු අවුරුදු 1 යි මාස 5ට මීගමුවට කරලා තියෙන්නේ…♦️

නිම කළ සහ ආරම්භ කළ වැඩවලින් බිඳක්..

1) මීගමුව කලපුව සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මීගමුව උසාවි සංකීර්ණය අසල ජැටිය සහ බෝට්ටු දියත් කිරීමේ අංගනයේ වැඩ ආරම්භ කිරීම – මිලියන 318.49

2) වසර දහයකට අධික කාලයක් වසා දමා තිබූ මීගමුව රෝහලේ ශල්‍යාගාර සංකීරණය ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත් කිරීම – මිලියන 70

3) දිට්වා සුළි කුනාටු තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පවුල් සඳහා මූල්‍ය ආධාර ලබාදීම – මිලියන 350

රු.25,000 × පවුල් 6343
රු.50,000 × පවුල් 2196
රු.15,000 × පවුල් 3485
රු.10,000 × පවුල් 3151

4) දිට්වා සුළි කුණාඩු තත්ත්වයෙන් අර්ධ හානි සිදුවූ නිවාස 128 ක් සඳහා මූල්‍යාධාර සපයා ඇති අතර තවත් නිවාස 150 ක පමණ ඇස්තමේන්තු සකසමින් පවතී.

5) යෝජිත කඩොල් කැලේ ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයට සම්බන්ධ මිණි ෆුට්සාල් ක්‍රීඩා පිටිය ඉදිකිරීම – මිලියන 60

6) “හිසට සෙවණක්” වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් 16ක් සදහා නිවාස ඉදිකර දීම සහ 2026 වර්ෂය සඳහා තවත් නිවාස 35කට ප්‍රතිපාදන වෙන් කිරීම – මිලියන 51

7) වැල්ලවීදිය සෙබස්තියන් සුරුවම අසල සිට පොළ දක්වා වූ මාර්ග කොටසක් කාපට් අතුරා සංවර්ධනය කිරීම – මිලියන 22

8) සාන්ත ලාසරස් මාවත කාපට් අතුරා සංවර්ධනය කිරීම – මිලියන 28

9) පැවති ටෙන්ඩර් ක්‍රමය අවලංගු කර රාජපක්ෂ උද්‍යානය සහ මීගමුව බස් නැවතුම්පොළ පිරිසිදු කිරීම අතිරික්ත නගර සභා සේවකයින් යොදවා සිදුකිරීම මගින් මසකට ලක්‍ෂ 17කට ආසන්න මුදලක් සභාවට ඉතුරු කරදීමට හැකිවීම.

10) ගංවතුර පාලනය කිරීමේ අරමුණින් දළුපත ඇළ 1, දළුපත ඇල 2,දෙපා ඇල අනෝමාවත්ත සිට කළු පාලම දක්වා ඇල කපා අවහිර වී ඇති මඩ කුණු රොඩු ඉවත් කිරීම – ලක්‍ෂ 78

11) මෙතෙක් එකතු නොකොට අතහැර දමා තිබූ හිඟ කඩකුලී සහ හිඟ වරිපනම් බදු එකතු කිරීමට ගත් නව ක්‍රමෝපාය මගින් සභා ආදායම සැලකිය යුතු මට්ටමකින් වැඩි කර ගැනීමට හැකි වීම.

12) ආසනය තුළ ග්‍රාමීය මාර්ග සංවර්ධන කටයුතු සඳහා වැය කල මුදල – මිලියන 45.5

13) ආසනය තුළ කානු සහ බෝක්කු ඉදිකිරීම් සදහා වැයකල මුදල – මිලියන 40.4

14) 2025 වර්ෂය තුළ මීගමුව කොට්ඨාසය තුළ හඳුනාගත් අධ්‍යාපන ව්‍යාපෘති 47 ක් සිදු කිරීම – මිලියන 73.8

15) මීගමුව සංචාරක පුරවරය කේන්ද්‍ර කර ගනිමින් නව ලක්සල ප්‍රදර්ශනාගාරයක් ඇරඹීම.

16) මීගමුව නාගරික බල ප්‍රදේශයේ කොට්ඨාස කිහිපයක කුණු එකතු කිරීම ටෙන්ඩර් මගින් පුද්ගලික ආයතනයකට පවරා තිබූ අතර එහි අවිධිමත් බව නිසා නගර සභාව මගින්ම එම කටයුත්ත සිදු කිරීමට පියවර ගැනීම තුළින් මසකට අවම වශයෙන් ලක්ෂ 20ක ඉතිරියක් සිදුවීම.

17) “රාජ්‍ය සේවය ගමට” යන තේමාව යටතේ විශේෂ ජංගම සේවා වැඩසටහන් ගම්මට්ටමින් පැවැත්වීම ආරම්භ කිරීම.

මිගමුව යනු කලුසල්ලි පවුලක් විසින් පාලනය කරන ලද ලංකාවේ අන්ත දුෂිතම නගරයයි.

මිගමුවේ ජනයා මාලිමාවෙන් ඉදිරිපත්ව සිටි වැනි දේශපාලන අත්දැකිම් පාපිසි පිරිසක් රැල්ලට පත්ව අරගලයට අතුරු ඵලයක් ලෙසිනි.

අප විසින් පළකරන ලද පුවතකට මිගමුව නගරාධිපති හීන්කෙන්ද අප පළකරනු ලබන්නේ අවරගනයේ පුවත් යැයි කියමින් අභුත ද්⁣⁣වේශ සහගත නිවෙනයක් පළකර තිබුනේ මිටමාස කිපයය ඉහතදීය.

මසකට මිලියන 18 ඒවන විට මිපුර පුවත් ඇසුරු කරමින් සිටියහ.

මිගමුවේ මාලිමා නගරාධිපති ඇතුළු නායකත්වයට මිපුර අප මෙසේ කළ අභියෝගය කලෙමු.

එහෙත් අප විසින් මතුකරන ලද කරුණු සම්බන්ධයෙන් මාලිමා නායකත්වය අදටත් නිහඬය.

 

 

01.මිගමුවේ බදු ගෙවන ජනයාගේ මුදල් රු ලක්ෂ 30 ක් පමණ වැයකරමින් හිටපු නගරාධිපති දායන් ලංසා මිළට ගත් කැමරාව , උපාංග සහ පරිඝණක අස්ථානගත කොට තිබිම ගැන මිගමුවේ මාලිමා නායකත්වය ගෙන ඇති පියවර කවරේද

 

02.පවුලකට දශක ගණනාවක් පුරා ආදායම් සපයන එහෙත් නගර සභාවට තවමත් අත්පත්
කරගත නොහැකිව ඇති බිච් පාක් එක ගැන අප කළ හෙළිදරව් කිරිම් අවරගනයේ පුවත්ද? (බිච් පාක් එක ගැන නඩුවක් පවතින හෙයින් මගෙන් අහන්නට එපා අනික් ඕන දෙයක් ගැන ලියපල්ලා යැයි අපෙන් පුද්ගලිකව කළ ඉල්ලිම නිසා අපි පසුගිය දිනවල ඒ ගැන ප්‍රවෘත්ති පළනොකලෙමු.)බිච් පාක් එක තවමත් මේ පවුලෙන් ගලවා ගැනිම මේ බලගතු මාලිමා පාලනයට නොහැවිව ඇත.

03.කඩොල් කෑලේ සමිපයේ ඇති අක්කර 2 කයි රූඩ් එකයි පර්චර්ස් 11 ක නගර සභාවට අයත් ඉඩම ලංසාල සිය හිතුවතුන්ට ලබා දි තිබිම සහ ඉන් කිසිදු ආදායමක් නොලැබිම ගැන අප කළ හෙළිදරව්ව අවරගනයේ පුවතක්ද?

04.කසල අංගනයක් වෙනුවෙන් යැයි කියා මහසභාවට අයත් ඉඩමක සභා අරමුදල්ද ලක්ෂ 75 කට ආසන්න මුදලක් කබාසිනියා කර ඇති ගොඩනැගිල්ල විනාශයට යමින් තිබිම ගැන අප කර ඇති මතුකිරිම අවරගනයේ පුවතක්ද?

05.මිගමුව මහනගර සභාවට අයත් කාමච්චෝඩේ ක්‍රිඩා පි⁣ටිය ලංසාලගේ හිතවත්කම මත කිසිදු මුදලක් අය නොකරමින් සා.මරියා විදුහලට ලබාදි තිබිම ගැන කරුණු මතුකිරිම අවරගනයේ පුවතක්ද?

06.කාමච්චොඩේ තවමත් විවෘත කර නොමැති ලක්ෂ 150කට වැඩ මුදලක් වැයකරමින් ඉදිකර ඇති ගොඩනැගිල්ල ගැන මතුකිරිම අවරගනයේ පුවතක් වන්නේ කෙසේද?

07.අනවසරව ඉදිකර ඇති පෙට්ටි කඩයක්වත් තවමත් ඉවත්කරගැනිමට නොහැකිව තිබිම සහ ලංසා පවුල මිගමුව එහෙම පි⁣ටින්ම අනවසර ඉදිකිරිම් වලින් පුරවා තිබිම නිරන්තරයෙන්ම ප්‍රශ්ණ කිරිම අවරගණයේ පුවතක් වන්නේ කෙසේද?

08.නීතියට වෙට්⁣ටු දැමු නිලධාරින් ගැන සහ ඩඩ්ලි මාර්කට් ගොඩනැගිල්ලේ දූෂිත තතත්වයන් ගැන නිරන්තරයෙන්ම මතු කිරිම අවරගනයේ පුවතක් වන්නේ කෙසේද?

09.පාකින් නැතිව මිගමුවේ ඉදිවෙන ගොඩනැගිලි ගැන නිරන්තරයෙන්ම කරනු ලබන ප්‍රශ්ණ කිරිම් අවරගනයේ පුවත් වන්නේ කෙසේද ?

10.මුදල් ගසා කෑම වෙනුවෙන් කසල අංගන අටවපු දයාන් ලංසා ගැන සෞඛ්‍ය කමිටු ලොක්කොත් නිහඬව සිටිදි අප නිරන්තරයෙන්ම ඒ ගැන ප්‍රශ්ණ කිරිම අවරගනයේ ප්‍රවෘත්ති වාර්තාකරණයක්ද?

11.කාණු ,පාරවල් සුද්ද කරන ගමන් මිගමුවම සුද්ද කළ ලංසාලා ගැනත් හොයන්න යැයි අප කරන ප්‍රශ්ණ කිරිම අවරගනයේ පුවත් වන්නේ කෙසේද?

12.නගර සභා ශ්‍රවණාගාරයට රු කෝටියක් වැය කර පුටු මිලදි ගැනිම ගැන අප කළ ප්‍රශ්ණ කිරිම අවරගනයට වැටෙන්නේ කෙසේද?

13..කාමච්චොඩේ මි උණ රෝගය ව්‍යාප්තවිම ගැන අප මතුකරන ලද කරුණු අවරගනයේ පුවත් වාර්තාකරණයක්ද?

14.පාරවලුත් හදන්න බදු මුදල් වංචා කළ දුෂිතයන් ගැනත් හොයන්න යැයි අප නිරන්තරයෙන්ම කරනු ලැබු මතුකිරිම් අවරගනයේ පුවත් යැයි කිවහැක්කේ ලංසාලාගේ බඩියන්ටය.ඒ අනුව ලංසාගේ කරේ අත දාගෙන ඉන්නේ කව්දැයි ⁣තේරුම් ගත යුතුව ඇත.

15අප පලකරන්නේ අවර ගනයේ පුවත් නම් මිගමුවේ පුරවැසියන් අපට නිරන්තරයෙන්ම පුවත් සහ තොරතුරු සපයයිද? මිගමුවෙන් මෙන්ම පිට පළාත් වලින්ද දැන් පුරවැසියන් අපට පුවත් ලබාදෙමින් සිටින්නේ ඇයි ? අප පලකරන්නෙ අවරගන⁣යෙ පුවත නම් ඔවුන් එසේ කරයිද?

16 මිගමුව නැවත ගොඩනැගිම ගැන අප අරභා ඇති සංවාද මාලවට මිගමුවේ වැදගත් පුද්ගලයන් දැනටමත් එක්කර ගනිමින් ඔවුන්ගේ අදහස් සංවාදයට ලක් කරමින් තිබේ. .ඒ තුලින් ඉතාමත් වැදගත් සංවාදයන්ද මතුව තිබේ.අප ලියන්නේ අවරගනයේ පුවත් නම් ඒ අය අප හා එක්වෙයිද ?

17.මීගමුවේ ආපනශාලා වර්ගීකරණය කරන H 800ගැන අපි නිරන්තරයෙන්ම මතුකරන්නෙමු.ඒවා අවරගනයේ පුවත් වන්නේ කෙසේද

18 මිගමුව නගර මධ්‍යයේ පිහිටි තැඹෑරුම්වත්තට අදාලව ලංසා පවුල සිදුකර ඇති දුෂණ වංචා ගැන කතා කිරිම අවරගනයේ ඒවා ලෙස හැගෙනු ඇත්තේ ලංසාලාට සහ ඔවුන්ගේ බඩියන්ටය.

19.මිගමුවේ ක්‍රිඩා පිට්ටනි අව භාවිතා කිරිම ගැන අප කර ඇති අනාවරණයන් අවරගනයේ පුවත්ද

පුනරුද පාලනය පත්වි මාස 9ක් ගියද කානු සුද්ද කිරිම කුණු ඇදිම ඇරෙන්නට සිදුවු දෙයක් නැතැයි පොදු ජනයාම දැන් කියන්නට පටන් ගෙනය.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here