මිගමුව සහ තලාහේන පේරුව යාකරන අතිශයින්ම වැදගත් මංකුලිය පාලම යට ඇති දැවැන්ත කණු දැන් කලක පටන් පුපුරා යන්නට පටන්ගෙන තිබුණ බව අප වසර ගණනාවක සිට මතුකර ඇත.
1950 පමණ කලින් පාලමක් නොතිබුන සමයේ තලාහේන පේරුවේ ජනයා මිගමුව නගරයට පැමිණිම සදහා භාවිතා කර තිබුනේ තොට ඔරුවක් බව පැරැණ්නෝ කියා සිටිති.
වසර 75 කටත් වැඩි මෙම පාලමේ ඇති කණු බහුතරයක් මේ ආකාරයෙන් පුපුරා ගොස් ඇති අයුරු 2019 වසරේදි අපවෙත එවා තිබුනේ මිගමුව වත්මන් මාලිමා නගාරික මන්ත්‍රී සංගිත් පෙරේරා විසිනි
කෙසේ වෙතත් මංකලිය පාලමේ අලුත් වැඩියා කටයුත්තක් පටන් ගෙන තිබුනේ දැනට මාස කිපයකට පෙර සිටය.
කෙසේ වෙතත් මාලිමා පාලනයක් යටතේ මෙය අත්‍යවශ්‍ය කඩිනමින් නිමවිය යුතු කටයුත්තක් සේ සලකා නිමකරලිමට අවශ්‍ය මැදිහත්විම් කරනු ඇතැයි තලාහේන පේරුවේ ජනයා විශ්වාස කරති.










