“ඇලොයි පිය හොද හිත අවභාවිතා කිරීම යුක්ති සහගතද….
මාර්තු 24 දිනය කියන්නෙ ඉතා විශේෂ දවසක්, එදා එල්සැල්වදෝරයේ පීඩිත ජනතාවගේ පැත්ත ගත්ත හා ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නිසා රාජ්‍ය මර්දනය හමුවේ වෙඩි කා මරා දමන ලද සුදුවර ඔස්කා රොමේරු
රදගුරුතුමාගේ(සාන්තුවරයාගේ) අනුස්මරණ දිනය වීමත්,එම දිනයේදීම අප ආදරණීය…. විශ්වයේ සොදුරු මිනිසාණන් වන,ආසියාතික විමුක්ති දෙව් දහම වෙනුවෙන් පුරෝගාමියා වු මේ සරල මිනිසා වන ගරු.ඇලොසියස් පීරිස් පියතුමාගේ දේහය මිහිදන් කිරීම සිදුකිරීමත්, යන දෙකම එකම දිනයේ සිදු වීම ඉතාමත් විශේෂිත ලෙස මට හැගුණි.
ගරු.ඇලොයි පියතුමාව අපට වැදගත් වන්නේ එතුමාට තිබු සුවිසල් දැනුමට වඩා,එතුමා ලැබු අත්දැකීමට වඩා,උන්වහන්සේට තිබු භාෂා නිපුණත්වයට වඩා (හීබෲ,ග්‍රීක,ලතින්,ප්‍රංශ,පාලි,සංස්කෘත, ආදී) එතුමන් දැරු දැක්ම වෙනුවෙන් එතුමන්ගේ තිබූ භාවිතය හා තරාතිරම නොබලා හැමෝටම දැනෙන්න ආදරය ප්‍රකාශ කිරීමත්, උන්වහන්සේගේ පරිත්‍යාගශීලි හදවතත් බව මාගේ ව්ශ්වාසයයි.
නමුත්, මාර්තු 24 දින හවස සිදු වු අවමංගල්‍ය සභාවේදී සිදු කරන ලද සමහර ගුණකථනයන් “ඇලොයි පීරිස්” පියතුමන්ව මුලුමනින්ම අවභාවිතා කිරීමත්, එතුමන්ගේ විමුක්ති ගතිකත්වය සම්පූර්ණයෙන්ම මරා දැමීමක් ලෙසයි මගේ අදහස. එය ඉතා පිළිකුළෙන් යුතුව හෙළා දකින අතර ඒ පිළිබද මගේ වේදනාව හා විවේචනය මෙසේ ප්‍රකාශ කරමි.
මගේ ජීවිතයේ පීඩිතයා හා විමුක්තිය පිළිබද අදහස මට මුලින් ඉගැන්වු, මා ආදරණීය විජිත් රොහාන් ගුරුතුමා අතින්, ඇලොයි පියතුමාගේ අවභාවිතය සිදුවීම පිළිබද දැඩි කනස්සල්ලට පත්වුණෙමි.1995 වර්ෂයේ මොරටුව සාන්ත සෙබස්තියන් විදුහලේ 10 වසරේ ශිෂ්‍යයෙක් විදියට ඉගෙන ගන්නා විට මගේ පංතිභාර ගුරු තුමා වුයේද එතුමයි.
පංතියේ ආගම විෂය ධාරාව ඉගෙන ගන්නා කාලපරිච්ඡේදය තුලදී දෙවියන් වහන්සේ පීඩිතයා වෙනුවෙන් පෙනී සිටින බව මට මුලින්ම කියා දුන්නේ ,ඇලොයි පියතුමා නොව, විජිත් සර් බව නොපැකිලිව ප්‍රකාශ කරමි.එකී පදනම තුල මට ඔහු පිළිබද ගරුත්වය මේ ලියන මොහොතේදීද පවතී.
එදා අවමංගල්‍ය උත්සවයේදි ව්ජිත් සර් විසින් නිවේදනය කල ආකාරයත්,එය අර්ථගැන්වූ ආකාරයත් සවන් දෙමින් සිටියදි මට සිතුණේ මම මේ ඇවිත් තිබෙන්නේ ඇලොයි පියතුමාට සමුදෙන්නටද? නැතහොත් NPP එකේ මළ ගෙදරකටද යැයි හැගීමක් මට ඇතිවිය.එහිදී මට දැනුනේ “ෆාදර් ඇලොයි පීරිස්” ව NPP ලෙස බෞතීස්ම කල බවයි.එහිදී පලකල කතා අතරින් එක් කතාවක් ලෙස ආචාර්ය සුනිල් සෙනවි අමාත්‍ය තුමාට ආරාධනා කිරීම දේශපාලනික ස්ථානගත කිරීමක් ලෙස දැක්විය හැක.මන්ද එය කොහෙත්ම නුසුදුසු ක්‍රියාවක් බවයි මා සිතන්නෙ. එහිදී එතුමන් කියු මුලික එක අදහසක් වන ඇලොයි පියතුමා පැවසුවායි කියන ” සුනිල් ඕගොල්ලෝ එහෙනම් ඒක කරා” කියන අදහසේ මතුකරපු කාරනාව දේව රාජ්‍ය බිහි වෙලා තියෙන්නෙ වගේ යැයි හැගුණි.
එවැනි වචනයක් ෆාදර් ඇලොයි කිව්වත්,උන්වහන්සේව හොදින් අදුනන හා උන්වහන්සේගේ භාවිතය තේරුම් ගත් කිසි කෙනෙකු එවැනි කතාවක් මෙසේ ප්‍රසිද්ධියේ කීම දෙවරක් සිතිය යුතු බවයි මගේ හැගීම.ඒ අනුව බලන කල සුනිල් සෙනවි ඇමති තුමාට ඇලොයි පියතුමා පිලිබද විශාල දැනුමක් තිබුණට උන්වහන්සේගේ භාවිතය හා ජීවිතය පිළිබද මෙලෝ අත්දැකීමක් නැතිබව මට සිතිණි.
වර්ථමාන ආණ්ඩුව විසින් ජනතා විරෝධි පණත් හා ක්‍රියාවන් වල යෙදීමේදී, “සුනිල්….,ඕගොල්ලෝ ඒක කරා” කියා කියන ප්‍රකශය කොතරම් බරපතලද කියා බොහෝ දෙනෙකුට සිතෙන්නට හැකිය. PTA එකට වඩා ශක්තිමත් PSTA පණත ගෙනෙල්ලා ඒ හරගා ජනතාව පීඩාවට හා හිංසනයට පත් කරන්න ලෑස්තිවෙද්දීද ,මන්නාරම් ජනතාව දූපතෙන් එලවා පරිසරය පවා විනාශ කරමින් සුලං බලාගාර ඉදිකරන්න සිහින මවද්දී “ඇලොයි පියතුමා” පතලා තියෙන ආණ්ඩුව ජනතා හිතවාදී පාලනයක්ද? නැතහොත් ජනතා ද්‍රෝහී පාලනයක් ද? කියලා සරල මිනිස්සුන්ට සිතෙන්නට හැක.
ඒ තැනට උන්වහන්සේගේ(ඇලොයි පියතුමාගේ) දැක්ම හා දර්ශනය පත්කිරීම පිලිබද විජිත් සර් ඇතුලු සංවිධාන මණ්ඩලයටත්,තුලන ආයතනයටත්, ජේසු නිකායටත් මගේ විරුද්ධත්වය පල කරමි.
තවද වර්ථමාන ජනාධිපති වන අනුර දිසානායක රැයක් තුලන තුල ගතකලා කියන එක විශේෂිත වන්නේ කුමන පදන්මකින්ද කියා මම අසමි. තුලන ආරම්භයේ සිට විකල්ප ධාරාවල සිටි දේශපාලකයින් තුලනට ඇව්ත් කතා බහ කොට ගිය බව මා අසා ඇති නිසා,එවැනි කතාවක් මේ සභාවේ පැවසීම අර්ථවිරහිතය..මෙවැනි විහිලු කතා පැවසුවේ නොදනුවත් කමටද, නැතහොත් සිතාමතාමද යන්න මම නොදනිමි.තවද බොදුණු කිතුණු සංවාදය හැරුණු විට සුවිසල් මෙහෙවරක් වන්නේ අන්තර් සභා සහජීවනයයි.ඒ සභා රැසක් නියෝජනය කරන ගිහි පැවදි පිරිස් සිටියදීත්,ඉන් එක්කෙනෙකුට හො අවස්ථාවක් නොදී දේශපාලන නියෝජිතයකුට දීම කොතරම් යුක්ති සහගතද? එය ඇලොයි පියතුමාව අවභවිතා කිරිමක් ලෙස නොවන්නේ කෙසේද?
මේ වේදනාව තුල ඒ මොහොතේ මා කාලය ගතකරද්දී චූටී දියනියක් “ඇලොයි පියතුමාව” වර්ණනා කරන හඩ ඇසෙද්දී, මගෙ ඇස් දෙකෙන් කදුලු පවා වැටුනේ චූටී දූවට හසුවන මේ යුග පුරුෂයාව මහ දැවන්තයින්ට මග හැරුනේ කෙසේද යන්න විමසීමේදීය.ඒ චූටි දියණිය කියු කතාවේ වාක්‍ය තුනක් මගෙ හදවත සිදුරු කලේ…”අනේ ෆාදර් දැන් අපිට විහිලු කතා කියලා හුරතල් කරන්නෙ කවුද?”….” අපිව බලා ගත්තට ඔයාට ස්තූතියි ෆාදර්”….ඔයා හොදින් නිදා ගන්න ෆාදර්…..කියා කියපු වචන මාව සැනසුවේ ඔබ එතෙක් ගොඩ නගපු වේදනාව මොහොතකට හෝ අමතක කරවිමිනි.
අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පෙනීසිටීම, දෙවියන් වෙනුවෙන් ජීවත්වීම බව මට ඉගැන්වු මගේ මහ ඇදුරාණන් වන ගරු. ඇලෝසියස් පීරිස් පියතුමන් ඉදිරියේ එතුමන්ට වු අසාධාරණය වෙනුවෙන් නිහඩ වීමට නොහැකි නිසා මෙසේ මගේ හැගීම පල කරමි….
අපි සංවාදයක් ගොඩ නගමු…අනාගතයේ මෙවැනි දේ නොවෙන්නට……❤️❤️
සටහන:
මහේෂ් ඩයස්.
25/03/2026.











