නගර සභාව ඇතුලේ අඩි 20ක කන්ටේනරය හැංගුවේ කව්ද? විමර්ශණයට මොකද වුනේ ?

0
231

 

 

පසුගිය අරගල සමයෙන් පසුව මිගමුව මහා නගර සභාවේ පිටුපස පරිශ්‍රයේ තිබෙන අඩි 20 ක කන්ටේනරයක් පිළිබඳව නගර සභාව තුළ කතාබහක් ඇතිව තිබුණි.

මෙය නගර සභාවට අයත් එකක් ද ? නැතිනම් නගර සභාවට පරිබාහිර අයෙකුගේ කන්ටේනරයක් ද යන්න කිසිවෙකු නොදන්නා බවද එකල වාර්තා විය.

මේ අතර ( 28/04/2025 ) දින රාත්‍රී ඉතාමත් රහසිගතව මේ කන්ටේනරයේ තිබු බඩු ඉවත් කරගෙන යාමටද කව්රුන් හෝ කටයුතු කර තිබුන බවද දැනගන්නට ලැබුණි

මේ කන්ටේනරයේ තිබුණේ මොනවද යන්න පිළිබඳවද නගර සභාවේ කිසිවකු නොදැන සිටීම පුදුම සහගතය.

එලෙසම වාර්තා වූයේ මීගමු මහ නගර සභාවේ හිමිකාරත්වයක් නොමැති ඉන්වෙන්ට්‍රියේද නැති   අඩි 07 ක ශීතකරණයක් ද නගර සභාව තල එකල තිබුන බවය.

මෙහි විශේෂත්වය වන්නේ මෙම අඩි 20 කන්ටේනරය සහ මෙම ශීතකරණය සඳහ  නිසි අයිතිකරුවෙකු පිළිබදව පැහැදිලි තත්වයක් නොමැතිවිමය.

මෙලෙස නගර සභාවට අයිති නොවන දේ නගර සභාව තුළ හෝ එම පරිශ්‍රය තුළ තබා ගැනීම නීති විරෝධී කටයුත්තකි. එමෙන්ම එම කන්ටේනරයේ   තිබූ බඩුබාහිරාදිය හොර රහසේ රැගෙන යාම බැලූ බැල්මටම, මුළුමනින්ම සොරකමකි.

මේ සියල්ලටත් වඩා අඩි 20ක කන්ටේනරයක් සභා පරිශ්‍රය තුලට ගෙනවිත් මාස ගණනාවක් සගවා තබාගත්තේ.කෙසේද යන්නයි.

කෙසේ වෙතත්  සභාවේ සේවයකරන බොහෝ නිලධාරීන් සහ සමහර සේවක සේවිකාවන් පවා ප්‍රකාශ කර තිබුනේ , මේ කන්ටේනරයත්, මෙම ශීතකරණයත් හිටපු නගරාධිපති දයාන් ලාන්සාගේ බවය.

මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් සිදු කළ යුතුව ඇති අතර ඒ සඳහා මීගමුව නාගරික කොමසාරිස්වරිය මූලිකත්වය ගෙන කටයුතු කළ යුතුව තිබුණි.

. එහෙත් නගර සභාවේ මෙවැනි නීතිරෝධී කටයුතු සිදුවෙද්දී නාගරික කොමසාරිස්වරියද මාලිමා පාලනයක් යටතේ පවා ඇස් කන් පියාගෙන සිටීම පුදුම සහගතය. .

අවසරකින් තොරව කිසිවක් නගර සභා පරිශ්‍රය තුලට ගැනිම හෝ ඉන් පිටතට ගෙනයාම නීතියට පටහැනිය.ගේට්⁣ටුවල සි⁣ටින ආරක්ෂකයන් මේ ආකාරයට වගකිම් විරහිතව කටයුතු කර ඇති බව ඉතා පැහැදිලිය.වඩාත් පුදුමයට කරුණ වනුයේ මේ කන්ටේනරය නගර සභා භුමියෙන් ඉවත් කර ගැනිමට වත්මන් නාගරික කොමසාරිස්වරිය ඉඩ ලබා දි තිබිමය.

තම පාලනය යටතේ පවතින නගර සභාව තුළ  සභාවට අයත් නොවන බඩු බහිර ආදිය රඳවා තබා ගැනීමත්, එවැනි බඩුබාහිරාදිය හොර රහසේ නගර සභාවේ නීත්‍යානුකූල අවසරයක් නොමැතිව  පිටතට රැගෙන යාමත් නීති විරෝධී වන සැබැවින්ම බරලතල ගැටළුවකි.

මින් කියැවෙන්නේ කුමක්ද ?

ජාතික ජන බලවේග රජය යටතේ මීගමු නගර සභාව මෙවැනි දැ සිදුවන්නේ කෙසේද?

මෙය දැන්‍  බොහෝ දෙනෙකුට අමතකව තිබුනද සැබැවින්ම බරපතල ගැටලුවකි

කිසිදු අවසරයකින් තොරව අඩි 20ක් දිගැති කන්ටේනරයක් මහනගර සභාව තුලට ගෙනඒම සැබැවින්ම පුලුල් විමර්ශණයක් සිදුකර වරදකරුවන්ට නිසි දඬුවම් දිය යුතුව තිබුනද එවැන්නක් වත්මන් පාලනය තුල වත් සිදුව නොමැතිවිම කණගාටුදායකය.

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here