කුවේට් එයාර්වේස් , අප්‍රේල් 15 වන දා සිට යළිත් කොළඹ ගමන් අරඹයි

0
20

කුවේට් රාජ්‍යයේ ජාතික ගුවන් සේවය වන කුවේට් එයාර්වේස් (Kuwait Airways), අප්‍රේල් 15 වන බදාදා සිට යළිත් කොළඹ බලා සිය ගුවන් මෙහෙයුම් ආරම්භ කරන බව නිල වශයෙන් නිවේදනය කර තිබෙනවා.

මෙමගින් කුවේට් සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සබඳතා ශක්තිමත් වන අතර මගීන්ට ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය වෙත පිවිසීමට වැඩි පහසුවක් සැලසෙනු ඇති.

නව ගුවන් සේවය සතියකට එක් දිනක් (සෑම බදාදා දිනකම) පහත පරිදි ක්‍රියාත්මකයි.

කුවේට් සිට කොළඹට: පිටත්වීම පෙ.ව. 01:30 – පැමිණීම ප.ව. 18:05
කොළඹ සිට කුවේට් වෙත: පිටත්වීම ප.ව. 19:05 – පැමිණීම පෙ.ව. 03:30

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here