තෙප්පම් ධිවරයෝ කි.මි. 2 කේ මුහුදු අයිතිය ඉල්ලති !

0
43

මිගමුවේ වැල්ලවීදිය කේන්ද්‍රකොට ගෙන අනාදිමත් කාලයක සිට ක්‍රියාත්මක තෙප්පම් ධිවරයන් පසුගිය කාලය පුරාවටම බරපතල රැකියා අර්බුදයකට මුහුණ දෙමින් සිටිති.

ඒ යාන්ත්‍රික කුඩාබෝට්ටු ධීවරයෝ පිරිසක් විසින් කරගෙන යන කිසියම් නීති විරෝධි රැකියා පන්න ක්‍රමයක් හේතුකොටගෙනය.

පෝඩු දැල් ලෙස  වරෙක ක්‍රියාත්මක එය තවත් කාලයකදි කොටුදැල් නමින් තෙප්පම් ධිවරයන්ගේ මුහුදු සිමාව ආක්‍රමණය කරති.

කොටුදැල් නම් වු අනික් පන්න ක්‍රමය තහනම්කරගැනිම  තෙප්පම් ධීවරයෝ වසර ගණනාවක් සිට අරගලයක නිරතව සිටිති.

මේ ගැන මිපුර වෙබ් අඩවියට විශේෂ ප්‍රකාශයක් කරමින් තෙප්පම් ධීවරයෝ කියා සිටින්නේ වෙරළේ සිට කි.මි 2දක්වා රැකියාව කිරිමේ අයිතිය ⁣යාන්ත්‍රික නොවන රැකියාකරුවන්ට පමණක් වෙනුවෙන් යැයි දැනට ඇති ගැසට් නිවෙිදනය ක්‍රියාත්මක කරමින් තම අයිතිය තහවුරු කිරිමට බලධාරින් පියවර ගත යුතු බවය.

එහෙත් අවාසනාව  වන්නේ සැම වසරකම තෙප්පම් ධීවරයන්ට කොටුදැල් ප්‍රශ්ණයට මුහුණ දිමට සිදුව තිබිමයි.

ධිවර බලධාරින් කොයිතරම් නම් පොරොන්දු වුවද එය දැනට දශකයකටත් වඩා වැඩි කාලයක් වාර්ෂිකව ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ ප්‍රශ්ණය විසදා ගැනිම සඳහා තෙප්පම් ධිවරයන් නොගිය තැනක් නැත.එහෙත් අදටත් ඊට විසදුමක් නැත.

පුනරුදයටත් මෙය⁣ කළ නොහැකි නම් සැබැවින්ම එය අරුමයකි.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here