වෙසක් දන්සැල් ලියාපදිංචිය සඳුදා ඇරඹේ

0
187

වෙසක් පොහොය වෙනුවෙන් සංවිධානය කරන දන්සැල් ලියාපදිංචිය එළැඹන සඳුඳා (4) සිට ආරම්භ කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කටයුතු යොදා තිබේ.

එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසා සිටියේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එම කටයුතු ආරම්භ කරන බවයි.

දන්සැල් පැවැත්වීමට අදාළ විශේෂ මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මේ වනවිට නිකුත්කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විමසා තොරතුරු ලබාගැනීමට කටයුතු කරන ලෙසත් ඔහු ඉල්ලා සිටියි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here