පෙර පාසැල් ලියාපදිංචිය අනිවාර්ය කෙරේ!

0
19

දිවයින පුරා ඇති සියලුම පෙර පාසල් මේ වසරේ ජූලි 1 වන දිනට පෙර අනිවාර්යයෙන්ම ලියාපදිංචි කළ යුතු බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය පවසයි.

ඉදිරියේදී ඕනෑම පෙර පාසලක් ආරම්භ කිරීමට පෙර ලියාපදිංචිය ලබා ගැනීම අනිවාර්ය වනු ඇති බව ද අමාත්‍යවරිය සඳහන් කළාය.

අමාත්‍යාංශයේ විෂය පථයට අනුකූලව පෙර පාසල් අධ්‍යාපන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය.

නව රෙගුලාසි මගින් පෙර පාසල්වල ප්‍රමිතිය, ළමා ආරක්ෂාව සහ අධ්‍යාපන ගුණාත්මකභාවය තහවුරු කිරීම අරමුණු කර ඇති බව අමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here