සීදුව, මූකළන්ගම නිවසකදී හමු වූ ගමන් බෑගයක් තුළ වයෝවෘද්ධ කාන්තාවකගේ මළ සිරුරක්. ..

0
89

..

සීදුව පොලිස් ස්ථානයට ඊයේ දිනයේ (20/05/2026) ලද තොරතුරක් මගින් වාර්තා වී තිබුණේ එම පොලිස් බල ප්‍රදේශයට අයත්, මූකලන්ගමුව ප්‍රදේශයේ පිහිටි නිවසකින් අසාමාන්‍ය දුර්ගන්ධයක් වහනය වන බවයි. එලෙස ලද එම තොරතුරු මත විමර්ශන කටයුතු ආරම්භ කළ සිදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අදාළ නිවස දැඩි සෝදිසියකට හා පරීක්ෂාවට ලක් කර තිබිණි. ඒ අනුව එම අදාළ නිවස පරීක්ෂා කළ පොලිස් නිලධාරීන්ට එහි නිදන කාමරයක් තුල තිබූ ගමන් බෑගයක ඝාතනය කර සඟවා තැබු කාන්තා මළ සිරුරක් සොයා ගැනීමට හැකිවී තිබේ.
ඉන් පසුව පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශන වලට අනුව වාර්තා වූයේ , එලෙස ඝාතනයට ලක්වී තිබුණේ, සිදුව, මුගලන්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 79 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් බවයි.
ඒ අනුව පොලිසිය විසින් සිදු කළ එම විමර්ශනවලදී අනාවරණය වී තිබුනේ ,මෙලෙස මියගොස් ඇති කාන්තාව දීර්ඝ කාලයක් තිස්සේ එම නිවසේ තනිව ජීවත්ව ඇති බවයි.
තවද මෙම නිවසේ ආරක්ෂිත කැමරා පද්ධතියක් හෙවත් සී.සී.ටී.වි. කැමරා පද්ධතියක් ඇති බවත් , එම ආරක්ෂිත කැමරා පද්ධතිය ගලවා ඉවත් කර ඇති බවත්, එලෙසම නිවසේ ස්ථාවර දුරකථන සම්බන්ධතාවයට අදාළ දුරකථන රැහැන්ද කපා දමා තිබූ බවත් මෙහිදී අනාවරණය වී තිබේ. එවැනි තත්ත්වයක් තුළ මෙය සංවිධානාත්මක ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක පල කරන බවද වැඩිදුරටත් වාර්තා විය.
එලෙසම මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ යුතු මහේස්ත්‍රාත් පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද දින (21/05/2026) පැවැත්වීමට නියමිතව තිබේ.
තවද මෙම සිදුවීමට සම්බන්ධ, සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා සිදුව පොලිස් ස්ථානයේ නිලධාරීන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද වැඩිදුරටත් වාර්තා විය.

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here