“”මීගමුව මහා නගර සභාවට නොපෙනෙන, කුරණ ප්‍රදේශයේ පාරවල් වල වැවී ඇති ඝන කැලෑව..””
යන සිරස්තලය යටතේ මීගමුව, කුරුණ ග්‍රාමවාසී පුද්ගලයෙකු වන මා විසින් මීපුර වෙබ් අඩවිය වෙත යොමු කල පුවතක් පසුගියදා එම වෙබ් අඩවියේ පළ කර තිබිණි. එම පුවතින් පෙන්වා දුන්නේ
මීගමුව, කුරණ ග්‍රාමයේ ප්‍රධානම පාර වන පරාක්‍රම පාර මංසන්ධියේ සිට කුරණ සුසාන භූමිය දක්වා එනම් ශ්‍රී වික්‍රම රාජසිංහ පාර දක්වා ප්‍රදේශය් ඉතා ඝනව කැලෑව වැවී ඇති ආකාරයයි.
මහජනතාව නිරන්තරයෙන් ගමන් ගන්නා එම මාර්ගයේ , දුම්රිය මාර්ගයට යාවන භූමි කොටසේ විශාල තෘණ ශාකයන් ඉතා ඝනව වැවී ඇති ආකාරය ඡායාරූප සාක්ෂි ද සහිතව එම පුවත තුළින් පෙන්වා දුන්නෙමි.


එම පුවත මීපුර වෙබ් අඩවියේ පල වී දින කීහිපයක් ඉක්ම ගිය පසු ඊයේ දින එනම් 24 වැනි ඉරු දින , මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සහ මෙම කොට්ඨාශයේ, ඇඩි කුමාර නැමැති ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රීවරයාද එම ප්‍රදේශයට පැමිණ ඔවුන් දෙදෙනාගේ පූර්ණ අධීක්ෂණය යටතේ එලෙස කාලයක් තිස්සේ එම මාර්ගයේ වැවී තිබූ ඝන කැලෑව කපා දැමීම සිදු විය.
ඉතා ඝනව වැඩුණු අවශේෂ තෘණ ශාකයන් මෙලෙස ඊයේ දිනයේදී කපා දමන ආකාරය දැක ගත හැකි විය.
මේ ආකාරයෙන් ප්‍රදේශයේ මහජනතාවට පීඩා ඇතිවන ස්ථානයන් හා ගැටලු ප්‍රශ්න ගැන නිරන්තර අවධානය යොමු කරමින්, එම ගැටළු ප්‍රශ්න වලට කඩිනම් විසදුම් ලබාදීමට මීගමුව නගරාධිපතිවරයා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයම කටයුතු කරන්නේ නම් එය කුරන ග්‍රාමවාසී අපට පමණක් නොව මුළු මීගමුව පුරවරයේම වෙසෙන ජනතාවට ඉතා යහපත් තත්වයක් බව සඳහන් කළ හැකිය.
කෙසේ වෙතත් මේ පුවත පළ කිරීමෙන් මීගමුව නගරාධිපතිවරයාගේ සහ කොට්ඨාශයේ නාගරික මන්ත්‍රීවරුන්ගේත් අවධානය යොමු කිරීම පිළිබඳව මීපුර වෙබ් අඩවියට මීගමුව, කුරුණ ග්‍රාමවාසී අප සැමගේ ස්තුතියි. පලකර සිටිමු.
K.D. අමල් සිල්වා
මීගමුව , කුරණ ග්‍රාමවාසී











