කතෝලික සභාවට ඇලජික් වුන ජිවන්ත පිරිස් පියතුමාගේ ස්ථාවරය ගැන ඉද්දමල්ගොඩ පියතුමා කියන කතාව!

0
72

ජීවන්ත පියතුමා විසින් ඉදිරිපත් කල “ජනවාර්ගික සංහාරය” පිලිබදව අදහස විවාදාත්මක විය හැක. නමුත්, එතුමන් තම දේශනය මගින් ඉදිරිපත්කළ සමස්ථ සත්‍ය ප්‍රතික්ෂේප කල නොහැක.

එතුමා ජාතින් අතර අසමගිය ඇති කරන්නේ යයි යමෙක් චෝදනා කරන්නේ නම් එසේ කරන්නේ මේ මොහොතේ රට ඉදිරියේ තිබෙන අභියෝගය මග හැර යාමකි.

එතුමන් ඉදිරිපත් කරන ෙඑතිහාසික කරුණු වලට පිළිතුරු දීමට නොහැකිව සමහරු අශිෂ්ට වචනයෙන් එතුමන්ට අපහාස කිරීමට යුහුසුළු වන්නන් තමන්ගේ දුර්වල චරිත ලක්ෂණ පෙන්නුම් කරති. යමෙක් තමන් එකග නොවන මතයක් හමුවේ සංවාදයකට නොගොස් ප්‍රතිවාදියාවට පරිභව කරන්නේනම් එය ශිෂ්ඨ සමාජයට නොගැලපෙන බව කිව යුතුය.

ජීවන්ත පියතුමා පෙන්නන ආකාරයට ලක්ෂ ගණනාවක් දෙමල සිවිල් ජනතාව ඝාතනයට ලක් කිරීම ප්‍රතික්ෂේප කල හැකිද? හමුදා නිලධාරීන්ට බාර වූ ජෝසෆ් ෆ්රැන්සිස් පියතුමා අතුරුදහන් වීම ප්‍රතික්ෂේප කල හැකිද? පැවති හා පවතින ආණ්ඩු එම සිදුවීම් වලට වගකිව යුතු නැද්ද?

ඉතිහාසය පුරාම සිදු වී ඇත්තේ එවැනි දේය. දමිල ජනතාව යුක්ති සහගත අයිතීන් ලබා ගැනීමේ උත්සාහය පළමුව ආරම්භ වුයේ අවි ආයුධ සමගින් නොවේ. දෙමල තරුණයින් අවි අතට ගන්නට පෙලඹුනේ, දීර්ග කාලයක් ප්‍රජාතන්ත්‍රීය ලෙස කල සටන් නිර්දය ලෙස මර්ධනය කිරීම නිසාවෙනි. වරින් වර ජන ඝාතන සිදු කරමිනි. ලංකාවේ මෙන්ම ලෝකය පුරා “ත්‍රස්තවාදයේ” ආරම්භය සිදු වන්නේ එවැනි මර්ධනකාරී පාලනය නිසාවෙනි.

සිංහල පාලකයෝ ඉතිහාසය පුරාම දෙමළ අයිතිවාසිකම් පිළිනොගත්තේ සිංහල බෞද්ධ ජනතාව අතර තමන්ගේ බලය තහවුරු කර ගැනීමටය. ඔවුන්ගේ ඡන්දය බලාගෙනය. එම ක්‍රියාවලිය තුල දිගටම සිදුවුයේ දෙමල ජනතාවට අසාධාරන කම්ය.

දෙමල ජනතාව ඉල්ලු දේශපාලන අයිතිය නොදී යුද්ධය තෝරා ගත්තේ බල ලෝභිත්වය නිසාය. යුද්ධය එකම විසදුම යයි ජනප්‍රිය මතය වැපිරීම සදහා ජාතිවාදය හා ආගම්වාදය උපයෝගී කර ගත්හ. උතුර නැගෙනහිර දෙමල ජනතාව සිංහල ජනතාවගේ සතුරන් යන හැගීම දකුණේ ඇති කරමින් යුද්ධය සධාරනීය කරමින්, තමන්ගේ බලය තහවුරු කර ගත්හ.
එලෙස අසාධාරන යුද්ධය මගින් ඝාතනයට ලක් කල සිංහල සහ දෙමල තරුණයින්ගේ තරුණියන්ගේ ජීවිත වලට බලලෝභී දකුෙණ් නායකයින් වග කීම බාර ගත යුතුවේ.

මෙම ෙඑතිහාසික සිදුවීම් සඟවමින් ජීවන්ත පියතුමාගේ මතය පුද්ගලික මතයක් යයි පැවසීම කිතුනුකම නොවේ.

සෑම පුරවැසියෙක්ම එතුමන්ගේ සම්පුර්ණ කතාව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්. කෙනෙක් එය තේරුම් නොගැනීමෙන් ප්‍රදර්ශණය කරන්නේ පුද්ගල දුර්වල කමකි. එසේ නොමැති නම් ඒ කෙනෙකුගේ කුහක ලක්ෂණයකි. එසේ නැත්නම්, ජාතිවාදයෙන් මත්වීමක් නිසා හෝ අන්ධවීමකි. සභා නායකත්වයට පවා මෙම අපරාධ නොපෙනීම ජාතිවාදයට යටත් වීමකි. සත්‍යට සාක්ෂි දීම හා දුත කාර්ය පාවා දීමකි.

(සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here