වසර ගණනාවකින් සංවර්ධනය නොවී දැඩි ලෙස අබලන්ව පැවති මීගමුව ආසනයේ දළුපත සිර කඳවුරු පාරේ, සිර කඳවුරු හන්දියේ සිට (ව.අ 301/1) මාර්ගය අවසානය දක්වා (සමන් කඩය) කාපට් අතුරා සංවර්ධනය කිරීම රු. 26,595,440.01 ක රජයේ ප්රතිපාදන මත ආරම්භ කර තිබේ.
මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්රීඩා නියෝජ්ය අමාත්ය සුගත් තිලකරත්න මහතාගේ ප්රධානත්වයෙන් අද දින මෙම කටයුතු ආරම්භ විය.
මෙම ප්රදේශයේ ජනතාවගේ දෛනික ගමනාගමන පහසුව වැඩිදියුණු කිරීම, ආර්ථික හා සමාජීය කටයුතු සඳහා පහසුකම් සැලසීම සහ ප්රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම මෙම ව්යාපෘතියේ ප්රධාන අරමුණ වේ.

මෙම අවස්ථාව සඳහා කොට්ඨාසයේ නාගරික මන්ත්රීනී රූපිකා නාමලී, නාගරික මන්ත්රී දීපාල් වීරමුණ්ඩ, නාගරික මන්ත්රී නුවන් සුරංජන යන මහත්ම මහත්මීන්ද, නාගරික කොමසාරිස් නුවනි සුදසිංහ මහත්මිය සමග නාගරික ඉංජිනේරුවරයා සහ රාජ්ය නිලධාරීන් සමග ප්රදේශවාසීන් එක්ව සිටියහ.



















