…
එළඹුණු වෙසක් උත්සවය නිමිති කරගෙන ලංකාවේ සෑම ප්‍රදේශයකම පාහේ විවිධාකාර දන්සැල් පවත්වනවා. ඒ සෑම දන්සැලකින්ම පාහේ ආහාර පාන වර්ග තමයි ජනතාවට වැඩිපුරම ලබා දෙන්නේ. අපේ රටේ වැඩිමනක්ම පවත්වන දන්සැල්වල තියෙන්නේ විවිධ විදිහට පිළියෙල කරන විවිධාකාර ආහාරපාන වර්ග කියන එක අපේ රටේ කොයි කවුරුත් හොඳින්ම දන්නා කාරණයක්. ඉතින් බොහොමයක් දන්සැල්වල ඒ විදිහට ආහාර පාන වර්ග ජනතාවට ලබා දෙද්දී, ඊට ඉඳුරාම, වෙනස් විදිහකට හිතලා, රටේ යහ පැවැත්ම සහ අනාගතය ගැන කල්පනා කරලා හරිත වර්ණයෙන් පිරි රටක් නිර්මාණය කිරීමේ උතුම් වූ සංකල්පය පෙරදැරි කරගෙන පවත්වපු සහ ඉතාම අගය කළ යුතු දන්සැලක් පිළිබඳව කෙටි සටහනක් තබන්නයි මේ සූදානම් වෙන්නේ.

මේ දන්සැල පැවැත්තුවේ මෙරට ජනප්‍රිය සහ කීර්තිමත් කතෝලික පාසැලක් ලෙස ප්‍රකට මීගමුව, මාරිස්ටෙල්ලා විද්‍යාලයේ ඉගෙනුම ලබන ශිෂ්‍යයන් පිරිසක් සහ එම විද්‍යාලයේ ආදි සිසුන් පිරිසක් එකතුව ගොඩනගා ගත්තු
” මාරිස් හරිත මිතුරෝ”
(Maris Eco Friends ) නැමැති
සංවිධානය මගින්.
මේ සංවිධානය මගින් ඊයේ දින එනම් වෙසක් පොහෝය දා ( 30/05/2026) පෙරවරුවේ, විවිධ වු පැල වර්ග බෙදාදීමේ දන්සැලක් එම විද්‍යාලය ඉදිරිපිට පරිශ්‍රයේදී පැවැත්වුවා. පැල වර්ග කිව්වාම අපේ රටටම ආවේණික විවිධ වූ වන වගා පැල, ඒ වගේම ඔසු පැළ, එළවළු පැළ සහ පලතුරු පැල විශාල ප්‍රමාණයක් ඒ කියන්නේ පැල වර්ග 6000 ක් පමණ ප්‍රමාණයක් මේ දන්සැල තුළින් ඊයේ දිනේ ජනතාවට බෙදා. දුන්නා
වෙසක් පොහොය දා පෙරවරුවේ පවත්වපු මේ සුවිශේෂී පැල බෙදා දීමේ දන්සැල සඳහා මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ විදුහල්පති ගරු සුනන්ද අල්විස් සහෝදර තුමා සමඟ ගරු ටෙරන්ස් ප්‍රනාන්දු පියතුමාත් සහභාගී වුනා. සහෝදර තුමයි පියතුමයි මේ දෙන්නම මේ දන්සැල පවත්වන්නට කටයුතු සංවිධානය කරපු “මාරිස් හරිත මිතුරෝ”
(Maris Eco Friends ) සංවිධානය ගැනත් , මේ විශේෂිත දන්සැල ගැනත් කෙටි දෙසුම් පැවැත්වුවා.
ඉතින් අපිට ඊයේ දිනයේ දැනගන්න ලැබෙනු තවත් දෙයක් තමයි, මාරිස් හරිත මිතුරෝ”
(Maris Eco Friends ) සංවිධානය මෙලෙස පවත්වපු මේ පැල බෙදා දීමේ දන්සැල, ඊයේ පවත්වලො තියෙන්නෙෝ
04 වැනි වතාවටලු..
ඉතින් , ඊයේ පවත්වපු මේ පැල බෙදා දීමේ දන්සැලට පැමිණ, එම පැළ ලබා ගත් කිහිපදෙනෙකුම පැවසුවේ මීට පෙර වතාවත් වලදී ලබාගත් එම පැල සිටුවා එම පැල වර්ග වලින් දැනට විශාල ප්‍රයෝජනයක් ලබන බවයි.
මෙම මාරිස් හරිත මිතුරෝ” (Maris Eco Friends ) සංවිධායේ සම්බන්ධීකාරකවරයෙකු වන අප හිතවත් සුරාජ් ෆාරිස් මහතා අප සමග පැවසුවේ ඔවුන් විසින් පිහිටුවාගත් මෙම සංවිධානය මගින් ඉදිරි කාලයේදී තවත් වන වගා පැල 2000 ක පමණ ප්‍රමාණයක් දිවයිනේ විබිධ වූ පළාත්වල රෝපණය කිරීමටද බලාපොරොත්තු වන බවයි. ඉතින් ඔහු වැඩිපුරම අවධාරණය කෙරුවේ මෙම සංවිධානයේ මූලික බලාපොරොත්තුව වෙන්නේ හරිත වර්ණයෙන් පිරි ශ්‍රී ලංකාවක් බිහිකිරීම බවයි.
එලෙසම ” මාරිස් හරිත මිතුරෝ ”
(Maris Eco Friends ) සංවිධානය පවත්වපු මෙම පැළ බෙදා දීමේ දන්සැල සඳහා, එලායන්ස් ෆිනෑන්ස්, මීගමුව ශාඛාව මගින් විශේෂ සහයෝගයක් සහ දායකත්වයක් ලබා දුන් බවද වාර්තා වුණා.
ඒ වගේම මාරිස්ටෙල්ලා
විද්‍යාලයේ මාරිස් හරිත මිතුරෝ” (Maris Eco Friends ) සංවිධානය විසින් පවත්වනු ලැබූ මෙම පැළ බෙදා දීමේ දන්සැල තුළින් ජනතාවට විශාල සෙතක් ගෙන දෙන බව එම දන්සැලට සහභාගි වූ බොහෝ දෙනෙකු අප හමුවේ පවසුවා.
සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු













