ජාත්‍යන්තර සාගර දිනය නිමිති කරගෙන වර්තමාන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත ඊයේ දින එනම් ජූනි 08 වෙනි ඉරු දින (08/06/2026) මීගමුව වෙරළ තිරය හා ආශ්‍රිත ප්‍රදේශය පවිත්‍ර කිරීමේ වැඩසටහනක් පවත්වනු ලැබීය
මහා ඔය මුහුදට වැටෙන මෝය පිහිටි ප්‍රදේශය හෙවත් කම්මල්තොට මෝය ආශ්‍රිත මුහුදු වෙරළ තීරයේ සිට , මීගමුව කැපුම්ගොඩ , සරක්කු කන්ද වෙරළ තීරය දක්වා සිදුකළ මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහනේ සමාරම්භක අවස්ථාව , මීගමුව වෙරළ උද්‍යානය හෙවත් ” මීගමුව බීච් පාර්ක් ” පරිශ්‍රයේදී පැවැත්විණි. එම සමාරම්භක අවස්ථාව සඳහා උතුරු පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ජෙ.ඒ. කාලිංග ජයසිංහ , මහතා සහභාගී විය. එලෙසම ශ්‍රී ලංකා පොලිසියේ පරිසර ආරක්ෂණ කොට්ඨාශ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මනෝජ් පෙරේරා, මහතාද එම අවස්ථාවට එක් විය.
මෙම වෙරළ පවිත්‍රතා වැඩසටහන සඳහා සහකාර පොලිස් අධිකාරිවරුන් සහ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු පොලිස් නිලධාරින්ද එලෙසම මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.එ.යු.කේ.ගුණරත්න මහතා ඇතුළු එම සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ද එලෙසම ප්‍රදේශයේ පාසල් දරු දැරියන්ද , තවද ප්‍රජා පොලිස් කමිටු සාමාජික සාමාජිකාවන්ද , එලෙසම ධීවර සමිති නියෝජනය කරන කාන්තාවන් ඇතුළු පිරිසක් ඊයේ දින උදෑසන සිට පවත්වනු ලැබූ මෙම වෙරළ තීරය පවිත්‍ර කිරීමේ වැඩසටහනට සහභාගි වූහ.
මෙම වෙරල පවිත්‍රතා වැඩසටහන සඳහා සුවිශේෂී අනුග්‍රහය ලබා දෙන ලද්දේ
“‘ සිසිලි හනාරෝ එන්කෙයා “” පුද්ගලික සමාගමේ සභාපති උදය අබේසේකර මහතා ඇතුළු එම කාර්ය මණ්ඩලය විසිනි
ඒ අනුව ඊයේ දින උදෑසන සිට මධ්‍යාහනය පමන වනතෙක් පුරා හෝරා කිහිපයක්, 800 කට ආසන්න්න පිරිසක් ඉතාම උද්යෝගයෙන් යුතුව මීගමුව වෙරළ තීරය පවිත්‍ර කිරීමේ මෙම වැඩසටහන සඳහා සහභාගී වූහ .
සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු























