පාස්කු ප්‍රහාරයේ විමර්ශන කටයුතු සඳහා දේශපාලනික සහ වෙනත් පාර්ශවයන්ගෙන් එල්ල වන බාධාවන්ගෙන් මෙන්ම බලපෑම්වලට යටත් නොවී එම විමර්ශන කටයුතු අඛන්ඩව නිසි ලෙස සිදු කරන ලෙස ඉල්ලා , සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අද දින ( 11/06/2026 ) උදෑසනදී මීගමුව , කොළඹ – හලාවත ප්‍රධාන මාර්ගයේ කටුවපිටිය මංසන්ධිය හෙවත් බාල්දි හන්දියේදී පැවැත්විණි.
මෙම නිහඬ විරෝධතාවය සංවිධානය කර තිබුණේ කටුවපිටිය දේවස්ථානයේදී පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය හා එම බෝම්බ ප්‍රහාරයෙන් අනතුරට පත් වින්දිතයන්ගේ ඥාතීන් පිරිසක් විසිනි. ඒ සඳහා ජාතික ජන බලවේග පක්ෂයේ, මීගමුව මහා නගර සභාවේ සහ කටාන ප්‍රාදේශීය සභාවේ ආණ්ඩු පක්ෂ සභිකවරුන් පිරිසක් ද සහභාගි වුහ. එලෙසම මීගමුව ප්‍රදේශයේ සමාජ ක්‍රියාදරයන් පිරිසක්ද මේ සඳහා සහභාගි වූහ.
මෙම නිහඬ විරෝධතාවය සංවිධානය කළ පිරිස් පවසන්නේ වර්තමාන රජය බලයට පත් වී , මෙතෙක් නවතා දමා යට ගසා තිබූ මෙම පාස්කු බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු මේ වන විට ආරම්භ වී ඇති අතර මෙම සිදුවීමට සම්බන්ධධ හා ඒ සඳහා වගකිව යුතු පුද්ගලයන් හෙළිදරව් වීමට පටන්ගෙන ඇති නිසා සමහර පිරිස් එම විමර්ශන කටයුතු වලට බාධා පමුණුවමින් සිටින බවයි. එලෙස එම විමර්ශන කටයුතු සඳහා අනවශ්‍ය බාධා සිදුකොට මෙම සිදුවීමට සම්බන්ධ විමර්ශන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා ,මෙම සිදුවීමට සම්බන්ධ වගකිය යුතු පුද්ගලයන් හෙළිදරව් වීම වළක්වාලීම එම පිරිසගේ සැබෑ අරමුණ බවද මෙම විරෝධතාකරුවන් මෙහිදී ප්‍රකාශ කළහ. ඒ නිසා මෙම විරෝධතාකරුවන් වර්තමාන රජයෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටින්නේ කිසිදු පුද්ගලයෙකුගේ හෝ පුද්ගල කණ්ඩායමකගේ අනවශ්‍ය දේශපාලන අතපෙවීම් හා වෙනත් බාධාවන් මෙන්ම බලපෑම් වලට යටත් නොවී මේ විමර්ශන කටයුතු අඛන්ඩව ඉදිරියට කරගෙන යන ලෙසයි.

එලෙස විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුකොට මෙම පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිසටත් එයින් ආබාධිත තත්ත්වයට පත්ව ඇති අයටත්, එමෙන්ම මෙම පාස්කු බෝම්බ ප්‍රහාරයෙන් වින්දිත වූ සියලු දෙනාටත් යුක්තිය හා සාධාරණත්වය ඉටු කර දෙන ලෙසද ඔවුන් මෙහිදී වැඩිදුරටත් වර්තමාන රජයෙන් සහ පොලිසියෙන් ඉල්ලා සිටියහ.
සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු













