ඉතාලියේ ඉදන් ආපු ක්‍රිශාන්ත, මිගමුවේදි මුතුකුමාරිට බිලිවෙයි.

0
1486

 

පසුගිය  (15/06/2026) උදෑසන මීගමුව දුම්රියපළ ආසන්නයේදී හලාවත සිට පානදුර දක්වා ධාවනය වෙමින් තිබූ මුතු කුමාරී දුම්රියට පුද්ගලයෙකු ගෙල තබා සිය දිවි නසාගෙන තිබේ. මෙලෙස ධාවනය වෙමින් තිබූ මෙම දුම්රියට ගෙල තබා සිය දිවි නසා ගෙන ඇත්තේ සාැරුගේ හැරල් ක්‍රිෂාන්ත නැමැති, 55 හැවිරිදි පුද්ගලයෙකි.

වැඩිදුරටත් වාර්තා වන පරිදි , දිනපතා උදෑසන හලාවත සිට පානදුර දක්වා ධාවනය වන මෙම මුතුකුමාරි දුම්රිය , ඊයේ උදෑසන ද මීගමුව දුම්රිය ස්ථානයේ දෙවන වේදිකාවට ළඟා වන විට පෙරවරු 6.16 ට පමන වී තිබේ. ඉන් විනාඩියකට පමන පසු නැවත මීගමුව දුම්රිය ස්ථානයේ සිට එම දුම්රිය, කොළඹ දෙසට ධාවනය වන්නට ආරම්භ වූ මොහොතේම එම දෙවන වේදිකාවේ , කොනක අඳුරු සහිත ස්ථානයක සැඟවී සිටි මෙම පුද්ගලයා එක්වරම ධාවනය වෙමින් තිබූ දුම්රිය වෙත දුව ගොස් සිය ගෙල දුම්රියට තබා , සියදිවි හානි කරගෙන තිබේ. ඉන් ස්වල්ප වේලාවකට පසුව හිස කඳින් වෙන් වුණු මෘෘත දේහය මීගමුව දුම්රිය ස්ථානය ආසන්න දුම්රිය මාර්ගයෙහී, තිබෙනු දැක ගත හැකි විය.

පසුව මීගමුව පොලිස් ස්ථානයේ පොලිස් නිලධාරීන් පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර ඉන් පසුව මෙලෙස සියදිවි නසාගත් මෙම පුද්ගලයා පිළිබඳව, විශේෂයෙන්ම එම පුද්ගලයාගේ අනන්‍යතාවය පිළිබඳව වැඩිදුර විමර්ශනයට ලක් කොට තිබේ. එහිදී එම පුද්ගලයා සතුව ඔහුගේ ජාතික හැඳුනුම්පත සහ ජංගම දුරකථනය පොලිස් නිලධාරීන්ට සොයාගත හැකි වී ඇති අතර එහිදී ඔහු පිළිබඳ විස්තර සහ තොරතුරු රැසක් පොලිසියට සොයා ගත හැකි වී තිබේ.

එහිදී වැඩිදුරටත් වාර්තා වූයේ මෙම පුද්ගලයා කඩවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන බවයි. ඔහු වසර 11ක් පමණ කාලයක් ඉතාලියේ රැකියාවක් කර දැනට ටික කාලයකට පෙර මෙරටට පැමිණ තිබේ. ඔහු විවාහක වන අතර ඔහුගේ බිරිඳ තවමත් ඉතාලියේ රැකියාවක නිරත වන බවත්, ඔවුන්ට දරුවන් නොමැති බවත් වැඩිදුරටත් දැනගන්නට ලැබිණි.

එලෙසම ඔහු වසර කිහිපයක් මීගමුව, දුම්රිය ස්ථානය අසල බෝගහ සමීපයේ පවත්වාගෙන යන ත්‍රී රෝද රථ සමිතියට සම්බන්ධ වෙමින් ත්‍රී රෝද රථයක් පදවා කුලී ගමන් රථ සේවාවේ නිරතව ඇති බවත් දැනගන්නට ලැබිණි. එලෙසම මේ පුද්ගලයා , මිලියන ගණනක මුදල් වංචාවකට හසුව වරෙන්තු ලබා සිටි, කුලියාපිටිය ප්‍රදේශයේ කාන්තාවක් අත්අඩංගුවට පත්වීමෙන් පසු ඇයව මුදා ගැනීම සඳහා ලක්ෂ ගණනක ශරීර ඇපයකට මෙම පුද්ගලයා විසින් අත්සන් තබා ඇය රක්ෂිත බන්ධනාගාර ගතවීමෙන් මුදාගෙන ඇති බවද වාර්තා විය. එහෙත් පසුව එම කාන්තාව අතුරුදහන් වී ඇති අතර, ඉන්පසුව එම තැනැත්තිය අධිකරණයට ඉදිරිපත් නොවීමෙන් එම කාන්තාව වෙනුවෙන් ඇප තැබූ මෙම පුද්ගලයාව පසුව අත්අඩංගුවට ගෙන සති දෙකක පමණ කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබූ බවත් , එම කාලය ඉකුත් වීමෙන් පසු මෙම පුද්ගලයා නැවත පැමිණ ඇති බවත් ,තමන් ශරීර ඇප තැබූ කාන්තාව අතුරුදහන් වීම පිළිබඳව ඔහු දැඩි කනස්සල්ලෙන් පසු වූ බවත්, දැන ගන්නට ලැබිණි.තමන් ඇප තැබූ මෙම කාන්තාව තවදුරටත් අතුරුදහන් වීම තුළ ඇය සොයාගත නොහැකි ව අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකිි වුවහොත් තමන්ට ඒ සඳහා වන්දි ගෙවීමට හා නැවතත් බන්ධනාගාර ගතවීමට සිදුවන බැව් පවසමින් පසුගිය දිනවල ඔහු දැඩි මානසික වියවුලකින් සිටි බවද මෙහිදී වැඩිදුරටත් දැනගන්නට ලැබිණි. කෙසේ වෙතත් මීට දින දෙකකට පමණ පෙර ඔහුගේ සමීපතමයන් ට පවසා තිබුනේ තමන්ට සියදිවි හානිකර ගැනීමට සිතෙන බවයි. ඒ අනුව පොලිසිය සැක පල කරන්නේ, එලෙස ඇතිවුණු දැඩි මානසික වියවුල හේතුවෙන් මෙම පුද්ගලයා මෙලෙස දුම්රියට ගෙල තබා සියදිවි හානි කරගෙන ඇතිි බවයි.

මෙම සිය දිවි නසා ගැනීම සම්බන්ධ සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මීගමුව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් කොතලාවල මහතා සහ මීගමුව හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත මහතාගේ මෙහෙයවීමෙන් ඊයේ දින සිදුවී තිබේ. එලෙසම මෙම මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණය ද ඊයේ දින මීගමුව විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩබ්ලියු.ඒ. එස්. ආර්. වික්‍රමාරච්චි මහතාගේ මූලිකත්වයෙන් මීගමුව මහා රෝහලේදී පැවැත්විණි. එහිදී මෙම මරණය සියදිවි නසා ගැනීමක් බවට නිගමනය වී තිබේ.

ඉන් පස මෙම තැනැත්තාගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී ඔහුගේ විවාහක බිරිඳ ඉතාලියේ සිටින බවට තොරතුරු ලැබී ඇති අතර එම දුරකථන අංකයට කතා කර ඇයගෙන් වට්ස ඇප් මාර්ගයෙන් මෙම මෘාත දේහය අවසන් කටයුතු කිරීම සඳහා එම තැනැත්තියගේ බාල සහෝදරයා එනම්, සියදිවි නසාගත් මෙම පුද්ගලයාගේ දැනට ඉතාලියේ වෙසෙන විවාහක බිරිඳගේ බාල සොහොයුරා වෙත ලබාදීමට අවසර ලබාදී තිබේ. ඒ අනුව බිරිඳගේ බාල සොහොයුරාට මෙම මෘෘත දේහයේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා භාර දී තිබිණි.

සටහන .-.
තුෂාර රෝහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here