මිගමුවේ කාමච්චොඩේ දි සිදුකළ වැටලිමකදි හොර තරාදි රැසක් අත්අඩංංුුුවටග

0
157




‎මහජනතාවගෙන් ලැබුණු බහුතර පැමිණිලි සැලකිල්ලට ගනිමින් ගම්පහ දිස්ත්‍රික් මිනුම් ඒකක ප්‍රමති සහ සේවා දෙපාර්තමේන්තුව විසින් මීගමුව, කාමච්චෝඩය ප්‍රදේශයේ වෙළඳපොළවල් කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් ඊයේ (21) දින විශේෂ වැටලීමක් සිදුකර තිබේ.

‎අසල්වැසි දිස්ත්‍රික් නිලධාරීන්ගේ සහයෝගය සහ මීගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන්ගේ සක්‍රීය දායකත්වය ඇතිව ක්‍රියාත්මක වූ මෙම වැටලීමේදී, නිසි ප්‍රමිතියෙන් තොරව වෙළඳාම් කටයුතුවල නිරත වූ වෙළෙඳුන් 63 දෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර ඇත.

‎රජයේ අනුමැතියක් නොමැති මිනුම් උපකරණ භාවිත කළ වෙළෙඳුන් 39 දෙනෙකු

‎මුද්‍රා නොතැබූ උපකරණ භාවිතය: නිසි පරිදි වාර්ෂික මුද්‍රා තැබීම් සිදු නොකරන ලද මිනුම් හා පිරුම් උපකරණ භාවිත කළ වෙළෙඳුන් 24 දෙනෙකු

‎මේ අනුව, අදාළ වැරදි සම්බන්ධයෙන් සැකකාර වෙළෙඳුන් 63 දෙනාටම එරෙහිව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු යොදා ඇත.

‎”අධිකරණය මගින් ලබාදෙන තීන්දුව සහ නියෝගයන්ට අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග දැඩිව ක්‍රියාත්මක කරනවා.”
‎— පී. ඒ. කේ. එස්. පින්නවල මහතා (සහකාර මිනුම් ඒකක හා සේවා අධිකාරී)

‎පාරිභෝගික ජනතාව සූරාකෑමට ලක්කරන මෙවැනි ජාවාරම්කරුවන් වැටලීම සඳහා ඉදිරියටත් මෙවැනි විශේෂ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දිස්ත්‍රික් මිනුම් ඒකක හා සේවා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here