පල්ලිය සහ මිගමු මහනගර සභාව අතර මතගැටුමක් අතලඟ?

0
340

 

කතෝලික පල්ලිය විසින් දශක ගණනාවක් තිස්සේ තමන්ට අයිති යැයි සිතා කොටුව පිට්ටනිය අසල පාරේ රථවාහන ගාල් කිරිම ටෙන්ඩර් කිරිමට කටයුතු කර තිබුණි.

ලංසා පාලනය විසින් මේ සදහා ඉඩසලසා දි තිබුනේ පල්ලිය හරහා දේශපාලන වාසි ලබාගැනිම සඳහා විය යුතුය.

කෙසේ වෙතත් මේ වන විට වාර්තා වන්නේ මාළු කඩේ ඉදිරිපිට රථගාලෙන් මුදල් අයිකිරිම පිලිබදව ගැටලුවක් මතුව ඇති බවත් , ඒ අනුව ජුලි මස 02 වන දින සිට මුදල් අයකිරිම නතර කරන ලෙස අදාල ටෙන්ඩර් කරුට පොලිසිය විසින් දැනුම් දි ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් ටෙන්ඩර්කරුගෙන් අප විමසා සිටි අවස්ථාවේදි ඔහු කියා සිටියේ පල්ලිය විසින් අදාල ලියවිලි ඉදිරිපත් කරන තෙක් තාවකාලිකව මුදල් අයකිරිම නතර කරන ලෙස පොලිසිය දැනුම් දි ඇති බවය.

මේ අතර negombotoday වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ නගර සභාවට අයත් පාරක මුදල් අයකිරිම කප්ගැනිමක් බවය.
මෙය නීතියට පටහැනි බව මිගමුව නගරාධිපතිවරයාද අවස්ථා කිපයකදිම අවධාරණය කර ඇතැයිද එම පුවතේ වැඩිදුරටත් සඳහන්ය.

ලංසා පාලනය පැවති දශක දෙකකට ආසන්න කාලයක් තුල වැල්ලවිදිය පල්ලිය විසින් මේ පාර රථගාලක් බවට පත්කොට එය ටෙන්ඩර්කරුවන්ට ලබා දි ආදායම් ලබා ⁣ගෙන තිබුණි.

දැන් ගැටුමක් නිර්මාණය වි තිබේ.

මේ පාරේන් අදායම් ලැබිමට පල්ලියට අයිතියක් ඇද්ද යන ප්‍රශ්ණය දැන් මතුව තිබේ.

කෙසේ වෙතත් මේ පසුබිම තුල පල්ලිය සහ මිගමුව මහනගර සභාව අතර යම් ගැටුමක් නිර්මාණය විමටද යම් ඉඩක් ඇතැයි මේ ගැන තතු දත් අය කියා සිටිති.

මේ අතර මේ ගැටලුව අද පැවැති මිගමු සම්බන්ධිකරණ කමිටුව වෙතද ඉදිරිපත්ව තිබුණි.

වැල්ලවිදිය පල්ලියේ පියතුමා මේ ගැන ප්‍රකාශ කර ඇත්තේ වසර 40ක් තිස්සේ මෙයින් ආදායමක් ලබන බවත් එය වැල්ලවිදිය සහ කුඩාපාඩුව මිසම්වල නඩත්තුව සදහා යොදවන බවත්ය.

නගරාධිපති රොබට් හීන්කෙන්ද අද පැවැති මිගමුව සම්බන්ධිකරණ රැස්විමේදි කියා සිටියේ වසර 40 ක් නොව වසර 500ක් භාවිතා කර තිබුනද රජයේ ඉඩමක අයිතිය කිසිවෙකුට නීතියෙන් ලබාගැනිමට ඉඩක් නැති බවය.

වැල්ලවිදිය පල්ලිය මේ මතුවෙමින් එන ගැටළුව සිය මිසම්වාසින්ටද දැනුවත් කර ඇති බවත් ඉදිරියේදි අදාල පිරිස් පල්ලියට රැස්කොට ගතයුතු ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරිමට නියමිතව ඇතැයිද දැනගන්නට ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here