🇭🇷 Luka Modrić ඉපදෙනකොට ක්‍රොයේෂියාව කියලා රටක් තිබුණේ නැහැ. ඇත්තටම මොඩ්‍රිච් කියන්නේ තමන්ගේ රටට වඩා වැඩිමහල් ක්‍රීඩකයෙක්.
යුගෝස්ලොවියාව 1991 දි රටවල් 7 කට වෙන් වෙනවා. එයින් බිහි වු එක රාජ්‍යයක් තමයි ක්‍රොයේෂියාව කියන්නේ.
90 දශකයට කලින් පාපන්දු ලෝකයේ යුගොස්ලොවියාව කියන්නේ අති දක්ෂ රටක්. යුගොස්ලොවියාව වෙන් වුනේ නැතිනම් තිබුණ talent pool එක අනුව EURO කුසලාන 2 ක් සහ ලෝක කුසලානයක් වුණත් මේ වෙනකොට දිනාගන්න හැකියාව තිබුණා.
යුගොස්ලොවියව බිඳ වැටෙද්දි මොඩ්‍රිච්ගේ වයස් අවුරුදු 6 යි. සර්බියානු කැරලි වරට අහු වෙලා යුද්ධ නිසා පීඩා විඳලා බල්කන් කලාපයේ අවතැන් කඳවුරු වල දුෂ්කර ළමා කාලයක් ගත කරපු මොඩ්‍රිච් අද වෙනකොට ක්‍රොයේෂියව කියද්දී ඔහුව මතක් වෙන තැනට ඇවිල්ලා ඉන්නවා.
මොඩ්‍රිච් කියන්නේ පහුගිය දශකයේ බිහි වු විශිෂ්ටම Midfielder කෙනෙක්. ඒ වගේම ක්‍රොයේෂියාවේ දෙවන Golden ජෙනරේශන් එකේ කී ප්ලේයර් කෙනෙක්.
මොඩ්‍රිච්ගේ ජත්‍යාන්තර පාපන්දු දිවිය ඉතා හොඳ එකක්.
2006 වසරේ ආජන්ටිනාවට එරෙහිව පළමු ජාත්‍යන්තර තරඟය ක්‍රීඩා කරන ඔහු මෙසි වැනි ක්‍රීඩකයෙක් මුල් වරට හමුවෙන්නේ සිය පළමු තරගයේදී.
ලුකා ක්‍රොයේෂියාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ 202 ක් ක්‍රීඩා කොට තිබෙනවා. ඒ ජාත්‍යාන්තර තරඟ 200+ ඉක්මවා ක්‍රිඩා කළ 4 වැනි ක්‍රීඩකයා විදියට.
2006 ලෝක කුසලානයට පැමිණි ක්‍රීඩකයෝ 736 ක් අතරින් වසර 20 කට පස්සේ 2026 ලෝක කුසලානයට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් සිව් දෙනාගෙන් එක ක්‍රීඩකයෙක්.
ලෝක කුසලාන තරඟාවලි 5 ක් නියෝජනය කළ මොඩ්රිච් ක්‍රියේෂියාව ඉහළටම ඔසවා තබන්නේ 2018 ලෝක කුසලානයේදි අනුශූරතාවය දිනාගෙන.
එහිදී මොඩ්‍රිච් 2018 ලෝක කුසලානයේ දක්ෂතම ක්‍රීඩකයාට හිමි Golden Ball සම්මානය දිනා ගන්නවා.
ඒ වගේම මෙසි සහ ක්‍රිස්ටියානෝ අතර පමණක් දශකයකට අධික කාලයක් බෙදිලා තිබුණ Ballon do’r සම්මානයේ ආධිපත්‍ය බිඳ දමා 2018 වසරේ Ballon do’r සම්මානය දිනාගන්න සමත් වෙනවා.
2022 ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය තෙක් පැමිණ 3 වන ස්ථානය දිනාගන්නත් ඔහු සහ ක්‍රොයේෂියාව සමත් වෙනවා.
40 හැවිරිදි වියේදිත් ලෝක කුසලානය වෙනුවෙන් සිය කණ්ඩායම මෙහය වූ මොඩ්‍රිච් අද පෘතුගාලය ඉදිරියේ R32 වටයේදී අවාසනාවන්ත ලෙස පරාජයට පත් වුණා.
කෙසේ වෙතත් ඔහුගේ ජාත්‍යන්තර පාපන්දු දිවිය වර්ණවත් එකක්. බොහෝ පාපන්දු ක්‍රීඩකයන්ට මොඩ්‍රිච්ගේ ජාත්‍යන්තර පාපන්දු දිවිය වගේ එකක් නැහැ.
අද ඔහු ක්‍රීඩා කළේ සිය අවසාන ලෝක කුසලාන තරඟය. බොහෝ දුරට එම තරඟය ක්‍රෝයේශියව වෙනුවෙන් ඔහුගේ සිය අවසාන තරඟය වෙන්නත් පුළුවන්
Rival ක්ලබ් එකක ක්රීඩා කළත් හැමෝගෙම ගෞරවය දිනාගන්න සමත් වුණු ක්‍රීඩකයන් අතළොස්සෙන් එක ක්‍රීඩකයෙක්.
පරණ පාපන්දු ජෙනරේශන් එකේ අවසන් පුරුක් ගැලවිලා ඉවරයි. පරණ අපේ ජෙන් එක ලස්සන කරපු ක්‍රීඩකයෝ තව ඉන්නේ අතේ ඇඟිලි ගානට
Thank yor for the memories, Lukita 🇭🇷 💜
– Ballon do’r Winner 🏆
– World Cup Golden Ball Winner 🏅
– 2018 World Cup Runners-Up 🥈
– 2022 World Cup 3rd Place 🥉
– 2023 Nations League Runners-Up 🥈

















