බන්ධනාගාර ගැටුමේදි වෙඩි වැදිම නිසා මිය ගණන 14 ක් !

0
87

 

මිගමු බන්ධනාගාර ගැටුමේදි 14 දෙනෙකු මිය ගොස් ඇත්තේ වෙඩි තැබිම් නිසා බව පශ්චාත් මරණ පරික්ෂණ වලදි හෙළිව තිබේ.මේ අය ජුලි 6 වනදා ගැටුමේදි මිය ගිය රැදවියන්ය.

තවත් 9 දෙනෙකු මිය ගොස් තිබුනේ මොට ආයුධ වලින් පහරදිම නිසාය.මේ නම දෙනාගෙන් 7 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් වන අතර අනෙක් දෙදෙනා වන්නෙ ගැටුම පටන් ගෙන තිබුන මුල්ම දිනයේදි ඝාතනයට ලක්වු රැදවියන්ය.

මිගමුව රෝහල තුල හඳුනා⁣ නොගත් මළසිරුර 3 ක් ඇති අතර ඉන් එක් දේහයක් ඉන්දියානු ජාතිකයෙකුගේ බව රෝහල් ආරංචි මාර්ග දක්වා සිටි.

එක් අයෙකුගෙ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණයේදි ලබාදි තිබුනේ විවෘත තින්දුවකි.එය වෙඩි තැබිමක් හෝ මොටආයුධ වලින් පහර දිමක් වැනි නිශ්චිත නිගමනයකට එළඹ තිබුනේ නැත.

ඉහත 27 දෙනාට අමතරව තවත් බන්ධනාගාර නිලධාරියෙකු කොළඹ ජාතින රෝහල ප්‍රතිකාර ලබමින් සිටියදි මිය ගොස් තිබුණි.

ඒ අනුව මිය බන්ධනාගාර නිලධාරීන් ගණන 8ක් වන අතර මේ සියලු දෙනාම මොට ආයුධ වලින් පහරදිම් හේතුවෙන් මිය ගොස් තිබුණි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here