මීගමුව මහා නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීවරුන් කළු පටි පලඳා විරෝධතාවයක . ..

0
757

පසුගියදා (09/07/2026) දින පෙරවරුවේ මීගමුව මහා නගර සභා, ප්‍රධාන රැස්වීම් ශාලාවේ පැවති ජූලි මාසයට අදාළ මහා සභා රැස්වීම, සඳහා පැමිණි විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් , කළු පටි පැළඳගෙන එම මහා සභා රැස්වීමට සහභාගි වූහ.

මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් 09 දෙනා ඇතුළු පොදු ජන එක්සත් පෙරමුණේ ( පොහොට්ටුවේ) දයාල් නිලංග නාගරික මන්ත්‍රීවරයා ද , එලෙසම ස්වාධීන නාගරික මන්ත්‍රීවරුන් වන සජිත් මෝහන්, ගීතානී ප්‍රනාන්දු සහ ගයාන් මධු මිහිර යන විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් ද  පසුගිය 9 වන දින මහා සභා රැස්වීමට සහභාගී වුයේ කළු පටි පැළඳ ගෙනය.

පසුගියදා මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුමින් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් 28 දෙනෙකු මිය යෑම සහ තවත් විශාල පිරිසක් තුවාල ලැබීමේ ඒ මහා ඛේදවාචකය පාලනය කර ගැනීමට වර්තමාන මාලිමා රජය අපොහොසත් වීමට විරෝධත්වය ප්‍රකාශ කිරීම සඳහා මෙලෙස මෙම විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් පිරිස කළු පටි පැළඳ , අද දින මෙම මහා සභා රැස්වීමට පැමිණි බව එම විපක්ෂ නාගරික මන්ත්‍රීවරුන් පැවසුහ.

මෙහිදී අදහස් දැක්වු මීගමුව මහා නගර සභාවේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රී කණ්ඩායමේ, කණ්ඩායම් නායිකාව දිලිණි ජයකොඩි ,නාගරික මන්ත්‍රීවරිය ප්‍රකාශ කළේ මෙම බන්ධනාගාර ගැටුම ඇති නොවී එය පාලනය කර ගැනීමට, අවස්ථාව තිබියදී , වර්තමාන රජය ඒ සඳහා කිසිදු උත්සාහයක් නොගැනීම නිසා මෙවැනි ඛේදවාචකයක් මීගමුව පුරවරය තුල සිදු වූ බවයි. එමෙන්ම ඇය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කලේ නියපොත්තෙන් කඩා ගැනීමට තිබුණු ඛේදවාචකයක් , පොරවෙන් කපා දැමීමට තරම් මහා දුරකට මෙය රැගෙන ගියේ, වර්තමාන මාලිමා රජය බවයි. ඒ නිසා මෙම ඛේදවාචකයේ වගකීම මුළුමනින්ම රජය විසින් භාර ගත යුතු බවද ඇය මෙහිදී ප්‍රකාශ කළාය. එහිදී වැඩිදුරටත් ඇය ඉල්ලා සිටියේ වර්තමාන අධිකරණ ඇමතිවරයා මේ ඛේදවාචකයකට වගකිය යුතු බවත් , ඒ වගකීම පැහැර හැරීම හැරීම නිසා ඔහු වහාම ඉල්ලා අස්විය යුතු බවයි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ මීගමුව මහා නගර සභාවේ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ , එනම් සමගි ජන බලවේගයේ මොහොමඩ් නුස්රි නාගරික මන්ත්‍රීවයා ප්‍රකාශ කලේ , මෙම ඛේදවාචකයෙන් 29 දෙනෙකු මේ වන විට මියගොස් ඇති බවත් , බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් යනු අපේම සහෝදරයන් බවත්, ඒ මියගිය සැම වෙත සාධාරණය ඉෂ්ඨ කළ යුතු බවත් ප්‍රකාශ කළේය. එලෙසම ඔහුද අවධාරණය කළේ මෙම ඛේදවාචකය පාලනය කර ගැනීමට නොහැකි වුයේ වර්තමාන මාලිමා රජයේ කිසිදු සැලසුම් සහගත වැඩපිළිවෙළක් නොතිබූ නිසා බවයි. ඒ අනුව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම ඛේදවාචකයේ වගකීම රජය විසින් භාරගත යුතු බවත්, ඒ සඳහා වහාම අධිකරණ අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවයි. එලෙසම ඔහු මෙහිදී වැඩිදුරටත් අවධාරණය කලේ මෙලෙස මිය ගිය සැම වෙනුවෙන් සාධාරණ අපක්ෂපාතී හා ස්වාධීන විමර්ශනයක් පවත්වා මෙම ඛේදවාචකයෙන් මියගිය අයටත්, එම පවුල්වල අයටත් එලෙසම මෙම ඛේදවාචකයෙන් තුවාල ලැබූ සියලු දෙනාටත් යුක්තිය හා සාධාරණය ඉෂ්ට විය යුතු බවයි.
එමෙන්ම මෙහිදී අදහස් දැක්වූ මීගමුව බන්ධනාගාරය ආසන්නයේ පිහිටි ගමක් වන කුට්ටිදුව ග්‍රාමයේ, මීගමුව මහා නගර සභාව නියෝජනය කරන විපක්ෂ නාගරික මන්ත්‍රීවරියක් වන , මාරි පීරිස් නාගරික මන්ත්‍රීවරියද මෙහිදී බන්ධනාගාරය ආසන්නයේම ගමක ජීවත් වෙන ඇය ඒ ගැටුමට මැදිව , කුට්ටිදූව ග්‍රාමයේ ජීවත්වන ජනතාව සමඟ එම ගැටුම සිදුවූ අවස්ථාවන්වලදී ලැබූ එම භයංකර අත්දැකීම, පිළිබඳවද මෙහිදී අදහස් ප්‍රකාශ කළාය.

 

අද දින (09/07/2026) කළු පටි පැළැඳ මෙම විරෝධතාවයට සහභාගි වූ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ නාම ලේඛනය

සමගි ජන බලවේගයේ ,නාගරික මන්ත්‍රීවරුන්…..

දිලිනි ජයකොඩි
මොහොමඩ් නුස්රි.
මොහොමඩ් අෆ්රාස්
මාරි පීරිස්
නිර්මලී ප්‍රනාන්දු
දිස්නා ප්‍රනාන්දු
ෂෙනුකා ප්‍රනාන්දු
සදුනී ප්‍රනාන්දු
පියුම් රත්නායක

ස්වාධීන නාගරික මන්ත්‍රීවරුන් ……

සජිත් මෝහන්
ගීතානි ප්‍රනාන්දු
ගයාන් මධුමිහිර

පොදු ජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රී….
දයාල් නිලංග

සටහන .-.
තුෂාර රොහාන් ප්‍රනාන්දු

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here