අද වෙනස්ම Messi කෙනෙක්.

0
523

අනික් අය මේ තරගය කොහොම දැක්කාද කියලා මම දන්නෙ නැහැ. හැබැයි මගේ ඇස් දෙකෙන් දැක්ක Messi අද වෙනස්ම Messi කෙනෙක්.

මෙදා සැරේ ලෝක කුසලානයේ කලින් තරගවලදී ඔහු වයසත් එක්ක තමන්ගේ ශක්තිය හොඳින් කළමනාකරණය කරමින් ක්‍රීඩා කළා. බොහෝ වෙලාවට පිටියේ නිහඬව ඇවිදිනවා වගේ පෙනුණත්, අවශ්‍යම මොහොතේ බෝලේ ලැබුණාම එක පාරින්ම තරගය වෙනස් කරන මැජික් එක තවමත් ඔහු ළඟ තිබුණා.

හැබැයි අද… අද ඒ හැම දෙයක්ම වෙනස් වුණා.

තරගය පටන් ගත්තු පළවෙනි මිනිත්තුවේ ඉඳන් අවසානය වෙනකන්, අවුරුදු 39ක ක්‍රීඩකයෙක් කියලා හිතාගන්නවත් බැරි විදිහට ඔහු දුවපු හැටි, press කරපු හැටි, dribble කරපු හැටි දැක්කාම, Die-hard Messi fan කෙනෙක් විදිහට මගේ ඇස්වලට කඳුළු ආවා.

ඒ දුවන එකේ තිබුණේ නිකම්ම ජයග්‍රහණයක් වෙනුවෙන් කරන සටනක් නෙවෙයි.

මට දැනුණේ ඔහු තමන්ගේ තරුණ සගයන්ට නිහඬව කියනවා වගේ…

“මගේ රත්තරන් මල්ලිලා… මේ මගේ අන්තිම ලෝක කුසලානය වෙන්න පුළුවන්. මම පුළුවන් තරම් බෝලේ අරගෙන එන්නම්, defenders ලා පහු කරගෙන එන්නම්… උඹලා ඒක ඉවර කරලා අපේ හීනය හැබෑ කරපල්ලා.” ❤️

ඒ හැඟීම වචනවලින් කියන්න අමාරුයි.

අද මැච් එක TV එකෙන් Live බලපු එකත් හදවත නවත්වන තරම් emotional. Ground එකේ ඉඳලා මේ හැම මොහොතක්ම දැක්කා නම්, ඒ හැඟීම් දරාගන්න බැරි වෙන්න තිබුණා.

2022 ලෝක කුසලානය දිනපු දවස මට හිතුණේ Messi එතනින්ම ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදෙයි කියලා. ඒත් ඔහු තීරණය කළේ තවත් ඉදිරියට යන්න.

ඒ තීරණය Argentina කණ්ඩායමට ලැබුණු ලොකුම තෑග්ගක් වුණා. අලුත් පරම්පරාවට නායකත්වය දීලා, අත්දැකීම් බෙදාගෙන, ඔවුන්ව ලෝක මට්ටමේ ශූරයන් බවට පත් කරන ගමනේ ඔහු තවමත් ඉදිරියෙන්ම හිටියා.

හැබැයි ඇත්තම කිව්වොත්…

Messi 2026 ලෝක කුසලානයත් ක්‍රීඩා කරයි කියලා නම් මම කවදාවත් හිතුවේ නැහැ.

ඒත් අද…

අන්තිමට මේ ලෙජෙන්ඩ් එක තවත් වරක් Argentina තරුණ පරම්පරාව අතින් අල්ලගෙන ලෝක කුසලාන අවසන් මහා තරගයටම අරන් ගියා.

දැන් තියෙන්නේ එකම තරගයක්.

එකම සිහිනයක්.

එකම බලාපොරොත්තුවක්. 🏆🇦🇷

මට නම් තාමත් නින්ද යන්නේ නැහැ. හිත ඇතුළේ තියෙන්නේ සතුටත්, බයත්, ආඩම්බරයත් එකට මිශ්‍ර වුණු හැඟීමක්.

2022 දී සමුගත්තා නම් ලස්සන අවසානයක් කියලා කියන්න තිබුණා.

හැබැයි දැන්…

2026 අවසන් මහා තරගය එනකන්ම හදවත ගැහෙයි.

ඒත් එක දෙයක් නම් ස්Janiya

ස්තුතියි Messi…

පාපන්දුවට ආදරේ කරන මිලියන ගණනක මිනිසුන්ට ජීවිතේ අමතක නොවන මතක දුන්නට.

ස්තුතියි, කැප්ටන්. ❤️🐐

The Real G.O.A.T.

👨‍💻Janitha Lakmal

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here