මිගමු නගරසභාවට අයත් වෙන අය භුක්ති විදින දේපල පවරා ගැනිම අලුත් නගරාධිපතිත් කරයිද?

0
98

 

අප වෙබ් අඩවිය විසින් දිගින් දිගටම මතුකළ පසු මිගමුවේ හිටපු නගරාධිපති පමාවි හෝ මිගමුව මහනගර සභාවට දශක ගණනක පුරාවට වෙනත් අය විසින් භුක්තිවිදිමින් සිටි දේපල පවරා ගැනිමට පියවර ගනිමින් සිටියේය.

මෙයට අදාලව වඩාත් කතා බහට ලක්වු කරුණ වි තිබුනේ මිගමු වැල්ලේ මාළු කඩය ඉදිරිපිට සෙල්බි පාරේ රථගාලේ ටෙන්ඩරයයි.

එය දශක ගණනාවක් පුරා භුක්ති විදිමින් සිටියේ සිටියේය.

හිටපු නගරාධිපති හීන්කෙන්ද එය නගර සභාවට පවරා ගැනිමටත් නගර සභාව යටතේ ටෙන්ඩර් කිරිමටත් පියවර ගැනිමට සාකච්ජා අරඹා තිබුණි.

නගරාධිපති හීන්කෙන්දට හදිස්සියේම ඉවත් වන්නට සිදුවිම ගැන විවිධ මත මිගමුව දේශපාලන සමාජය තුල මෙන්ම සමාජ මාධ්‍ය වේදිකාවලද පසුගිය දින කිපය පුරා පළවි තිබුණි.

දැන් අපට අසන්නට වන්නේ පැල්වත්තෙන් තිරණය කරනු ලබන මිගමුවේ ඊලග නගරාධිපතිවරයා කව්රුන් වුවද ඔහු නගර සභාවට අයත් දැනට වෙනත් අය විසින් භුක්ති විදින දේපල පවරා ගැනිම දිගටම සිදුකරාවිද යන්නයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here