මාරිස්ටෙල්ලා දරුවන්ගෙන් වැඩිහිටියන්ට ආදර්ශයක්..

0
57

 

මීගමුව මුහුදු වෙරළ තීරය,අද වන විට දිනෙන් දින කැලි කසළින් පිරී, අලංකාරය අහිමි වෙමින් යන වෙරළ තීරයක් බවට පත් වෙමින් තිබේ. එලෙස සුන්දරත්වය අහිමි වෙමින් යන මීගමුව මුහුදු වෙරළ තීරයට නව ජීවයක් ලබා දෙමින්, මීගමුව මාරිස්ටෙල්ලා විද්‍යාලයේ 09 වන ශ්‍රේණියේ දරුවන් පිරිසක් පසුගිය  (24/07/2026) උදෑසනදී අගය කළ යුතු වෙරළ පවිත්‍රතා වැඩසටහනක් දියත් කළහ.

වැඩිහිටියන්ට පවා කදිම ආදර්ශයක් වෙමින්, මාරිස්ටෙල්ලා විද්‍යාලයේ 09 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 400 කට ආසන්න සිසු දරුවන් පිරිසක් මෙම පරිසර හිතකාමී වැඩසටහනට එක්ව සිටියහ.

ඒ අනුව, මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ ජෙට් වින්ග් බීච් හෝටල් පරිශ්‍රයේ සිට කුඩාපාඩුව ලුවිස් පෙදෙසේ කැම්ලට් බීච් හෝටල් පරිශ්‍රය දක්වා විහිදුණු මුහුදු වෙරළ තීරය ඔස්සේ මෙම පවිත්‍රතා වැඩසටහන ක්‍රියාත්මක විය.

එදින  උදෑසන සිට දහවල් වන තුරුම පැවති මෙම වැඩසටහනට සහභාගී වූ සියලුම දරුවන් අතිශය උනන්දුවකින් හා උද්යෝගයකින් යුතුව මෙම වැඩසටහනට සහභාගී වන ආකාරය දැකගත හැකි විය. අපිරිසිදු හා අපවිත්‍ර වෙරළ තීරයක් පිරිසිදු කිරීමට සහ පවිත්‍ර කිරීමට මෙම දරුවන් මහන්සියෙන් වෙර දරන ආකාරය දැක ගත හැකි විය.

බොහෝ දරුවන් සිත් සතුටින් මෙම කාර්යයේ නිරත වන ආකාරය දැක ගත හැකි වු අතර මෙම මුහුදු වෙරළ පවිත්‍රතා වැඩසටහන තුලින් වෙරළ තීරයේ පිරිසිදුබව, පවිත්‍රතාවය මෙන්ම මුහුදු වෙරළේ සුන්දරත්වයේ ඇති වැදගත්කම පිළිබඳව සමාජයට ප්‍රබල පණිවිඩයක් ලබා දීමට මාරිස්ටෙල්ලා විද්‍යාලයේ 09 ශ්‍රේණියේ මෙම දරුවන් පිරිසට හැකි බව , බොහෝ දෙනෙකුගේ අදහස විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here