ලාෆ්ස් එකේ ක්‍රිම්සන් බේකරි කඩෙන් ගත්තු ඔම්ලට් බන් එකක් ගැන අපි පලකරල තිබුන.
ඒ වගේ මිළකට ඒ බන් එක වටින්නේ නැ ප්‍රමිතියෙන් තොරයි කියල තමයි අදාල පාරිභෝගිකයගේ අවනඩුව.
මේ ගැන දැන් බුකියේ පොඩි සංවාදයක් යනව.ප්‍රමිතියෙන් තොර ඔම්ලට් බන්එක වෙනුනේ බුකියේ වැලපෙන ටික දෙනාටම පොඩි ඔත්තුවක් දෙන්න අපි කල්පනා කලා.
ගල්කන්ද හංදියේ ලාෆ්ස් එකේ ඉදන් මිනුවන්ගොඩ පාරේ ෆුඩ් සිටි එක කිට්ටුව තියෙනව පුංචිම පුංචි තැනක්.හැබැයි සුපිරියි.හරිම පිලිවෙලයි, පිරිසිදුයි.එතනට ගිහින් බලන්න රු 165 කට ගන්න පුලුවන් කොලටි බන් එක මොකක්ද කියල.එතන තියෙන හැම එකක්ම ගෙවන මිලට හරිම සාධාරණ අයිටම්
.රු 165 ක්‍රිම්සන් බන් එකට ඔයිට වඩා දෙන්න බැ කියපු බූවලට අපි කියන්නෙ ගිහින් බලන්න අර පුංචි තැනේ කොලටිය කොහොමද කියල.
ඒ විතරක් නෙමේ ගල්කන්ද හංදියේ ලාෆ්ස් එකේ මැනේජ් මහත්තයාටත් දවසක එතනට ගිහින් බලන්න කියල අපි කියන්නේ වෙනස කොහොමද කියල බලාගන්න.

















