මිගමුව නව නගරාධිපති මුහුණ දෙන සෑබෑ අභියෝගය

0
686

 

මිගමුවේ හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද ඉල්ලා අස්වි තිබුනේ උත්තර නැති හේතු රැසක් ඉතිරි කර තබමිනි.

අද අළුත් නගරාධිපතිවරයා ලෙස නියෝජ්‍ය නගරාධිපතිධුරය දැරු චාමර ප්‍රනාන්දු පත්විමට නියමිතය.

දේශපාලනයට මෙන්ම මෙවන් භාරධුර වගකිමකටද ආගන්තුකයෙකු වන චාමර ප්‍රනාන්දු මිගමු නගරාධිපති ලෙස අදින් අරඹනු ඇත්තේ අතිශය අභියෝගාත්මක ගමනකි.

එය අතුරේ යාමට සමාන යැයි කිවහොත් අතිශයොක්ත්යක් නොවනු ඇත.

ගෙදර ගියොත් අඹු නසි මග හිටියොත් තෝ නසි ගනයේ තනතුරකට අද ඔහු පත්වෙනු ඇත.

පවුලක් දශක දෙකකට ආසන්න කාලයක් පාලනය කළ මිගමුවේ යනු ලංකාවේ අන්ත දුෂිතම නගරයයි.

පළාත් පාලන නීතිය යනු පවුලක නිතිය බවට පත්ව තිබුන අතර පරිපාලන අධිකාරියේ අතිබහුතරයක් මේ පවුලේ අල්ලේ නැටවුන අයවලුන් වි තිබිම කුප්‍රකට රහසකි.

හිටපු නගරාධිපති රොබට් හීන්කෙන්ද මීගමුවේ මේ ඇත්ත යථාර්ථය මඟඅරිමින් කල්ගනිමින් සිය පාලනය මෙහෙයවමින් සිටි පසුබිමක ධුරයේ දැර අවසන් මාස කිපය අංශක 180 ක හැරවුමක් සනිටුහන් කරමින් මිගමුව මහනගර සභාවේ දේපල විවිධ කණ්ඩායම් විසින් පුද්ගලික දේපල ලෙස පරිහරණය කරමින් සිටින තත්වය වෙනස් කිරිම සඳහා ඔහු මැදිහත්වන්නට පටන් ගෙන තිබුණි.

එයම ඔහුට බුමරංගයක් වි ධුරයෙන් විසිවිමට පවා කරුණු කාරණා සිදුවු බව සමාජ මාධ්‍ය තුල ප්‍රබල සංවාදයක් මතුවිය.

අද නගරාධිපතිධුරයේ වගකිම භාරගන්නා චාමර ප්‍රනාන්දු මුහුණ දෙන සෑබෑ අභියෝගය වන්⁣නේ මෙයයි.

මාලිමාවට මිගමුවේ බලය ලැබුනේ ජන අරගලය නිසාමිස අන් කිසිවක් නිසා නොවන බව පැහැදිලි සත්‍යයකි.

අද මන්ත්‍රී හොබවන ආණ්ඩු පක්ෂයේ අයගෙන් සංගිත් ඇරෙන්නට මිගමුවේ ජන අරගලයට සක්‍රිය දායකත්වය සැපයු කිසිවෙකුත් නැත.

මහනගර සභාව ඉදිරිපිට අරගල භූමියට විදුලිය සපයා ගැනිම අරභයා වත්මන් නාගරික මන්ත්‍රී මොහාන් ලබාදුන් සහයෝගය සැබැවින්ම සිහිපත් කළයුතුය.

මාලිමාව පළාත් පාලන මැතිවරණ සමය තුල ඉහලින්ම කථා කළ බිච්පාක් එකේ මුල්‍ය ආදයම් අද දිනයේත් යන්නේ ලංසා පවුලටය.

අද නගරාධිපතිධුරයට පත්වන චාමර ප්‍රනාන්දු බිච් පාක් ප්‍රශ්ණය කිසිසේත්ම මගහැර යාමට ඉඩක් නැත.

එපමණක් නොව වෙනත් අය විසින් බුක්තිවිදින මහනගර සභා දේපල යළි පවරා ගැනිමට හිටපු නගරාධිපති හීන්කෙන්ද විසින් ගනු ලැබු එඩිතර පියවර ඉදිරියට ගෙන යාමට චාමර ප්‍රනාන්දු සුදානම්ද යන විවෘත ප්‍රශ්ණය මිගමුවේ බදු ගෙවන ජනයා වෙනුවෙන් මෙහි සටහන් තබනු කැමැත්තෙමු.

ලංසා පවුල විසින් පොදු දේපල පවුලක දේපලක් සේ සලකා කටයුතු කර ඇති අන්දම ගැන අනිවාර්යයෙන්ම නිසි විමර්ශනයක් සිදුකර නිසි දඬුවම් දිමට තරම් එඩිතර පියවරකට යාමට චාමර ප්‍රනාන්දු සුදානම්ද ?

ලක්ෂ ගණනක් වැය කර හිටපු නගරාධිපති දායන් ලංසා විසින් මිලට ගත් කැමරාව සහ පරිඝණක වලට සිදුව ඇත්තේ කුමක්ද යන්න කඩිනමින් විමර්ශනය කිරිමට චාමර ප්‍රනාන්දු යොමුවිය යුතුව තිබේ.

මේ තිත්ත ඇත්ත මගහැර නොයා එඩිතර නිර්භිත පියවරයන් සඳහා මිගමුව මහනගර සභාවේ නව නගරාධිපතිවරයා ලෙස චාමර ප්‍රනාන්දු ගනුලබන නිවරදි ක්‍රියාමාර්ග සමඟින් මිගමුවේ ජනයා වෙනුවෙන් ක්‍රියාත්මක මාධ්‍ය අනිවාර්යයෙන්ම කටයුතු කරනු ඇත.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here