මීගමුව බන්ධනාගාර ඝාතන සහ අතුරුදහන්වීම් ගැන මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක්

0
95

 

මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ ප්‍රචණ්ඩත්වය, රැඳවියන් ඝාතනය වීම සහ අතුරුදහන් වීම ඇතුළු බරපතළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් විධිමත් හා සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව (CPRP) සහ ඝාතනය වූ හා අතුරුදහන් වූ රැඳවියන්ගේ ඥාතීන් සහ සමීපතමයින් අද (30) ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත නිල වශයෙන් පැමිණිලි කරන ලදී.

එහිදී, රාජ්‍ය භාරයේ සිටි රැඳවියන්ගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමටත්, සිදු වූ අසාධාරණයන් සම්බන්ධයෙන් පූර්ණ විනිවිදභාවයකින් යුතු පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටු කිරීමටත් මැදිහත් වන ලෙස එම පාර්ශ්වයන් කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටියේය.

විකල්ප

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here