බිච් පාක් එක සහ මීගමුවේ අළුත් නගරාධිපති ?

0
326

මීගමුව බිච් පාක් එකේ ටෙන්ඩරයට කිසිදු නිල ලියවිල්ලක් නොමැතිව රථ ගාලට ටිකට් නිකුත් කිරිම නීතියට පටහැනි බව පසුගිය 2024  දෙසැම්බර් මාසයේදි  පැවැති මිගමු සංවර්ධන  කමිටු රැස්විමේදි සාකච්ජා කර තිබුණි.

.ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන  කමිටු⁣වේ සභාපති නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහ මිගමු සංවර්ධන  කමිටුවේ සභාපති නියෝජ්‍ය ඇමති සුගත් තිලකරත්නගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්විම    මිගමුව වැල්ලිවිදියේ හින්දු සංස්කෘතික ශාලාවේදි මෙය පැවැත්විණි.IMG 20241219 WA0054

 

 

ජාතික ජනබලවේගයේ ප්‍රබල ක්‍රියාකාරි සමාජිකයෙකු වන මොහාන්  අබේසේකර පසුගිය 2024  දෙසැම්බර් මාසයේදි    …සිය ෆේස් බුක් පිටුවේ මේ ප්‍රශ්ණ මෙසේ මතුකර තිබුණි

mohanපසුගිය කාලය තුල මාලිමාවේ මිගමු ක්‍රියාකාරින් බිච් පාක් එක නගර සභා පාලනයට නතුකරගන්නේ අද නොවේ හෙට වැනි කතා කියමින් සිටියද දැන් තත්වය බරපතල වි සැටියකි.

බිච් පාක් එක පහසුවෙන් නැවත පත්කර ගැනිම නොහැකි තත්වයක් දැන් නිර්මාණය වි තිබේද? මාලිමා නගර පාලනය බිච් පාක් එක අත්පත් කරගන්නේ කවදාද?

නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ ඇතුළු බොහෝ මාලිමා ක්‍රියාකාරින්ගේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාපාරය තුල වැඩියෙන් උඩදැමු තොරම්බල් කල මාතෘකාව වුයේද බිච් පාක් එකය.

දැන් නියෝජ්‍ය නගරාධිපතිට අදින්න බලා සිටින මාලිමා නාගරික මන්ත්‍රි එදා බුකියේ සටහනක් දමා තිබුනේ බිච් පාක් ගත්තා යැයි කියමිනි.

දැන් සියල්ලෝම කසාය බිපු ගොළුවන් සේය.

වසර දෙකක් යන්නටත් මත්තෙන් දෙවන නගරාධිපතිවරයාද මිගමුවේ පාලනයට දැන් අතගසා තිබේ.

ඔහු මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේද බිච් පාක් එකය.

අපි බලා සිටිමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here