පමුණුගම මුහුදේ දිය පහරකට හසුව අතුරුදන් වූ පිරිසක් – තිදෙනෙකු හමුවෙයි

0
67

 

පමුණුගම මුහුදු තීරයේ දිය නෑමට ගිය ජා-ඇල, නිවන්දම ප්‍රදේශයේ පදිංචි මවක් සහ දරුවන් තිදෙනෙකු දිය පහරකට හසුව අතුරුදන්ව තිබූ අතර, ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වනවිට සොයාගෙන තිබේ.

ඊයේ (30) පස්වරු 5.30ට පමණ පමුණුගම මුහුදේ දිය නාමින් සිටියදී මෙම පිරිස දිය පහරකට හසුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අතුරුදන් වූ පිරිස ලෙස,

🔹 මලීෂා ප්‍රනාන්දු (35) – මව
🔹 විනුති දහම්සා (4) – දියණිය
🔹 සතිෂ් අනුහස් (13) – දරුවා
🔹 විශ්වා ප්‍රසාදි (11) – දරුවා

යන අය සඳහන් වේ.

මේ වනවිට මලීෂා ප්‍රනාන්දු, විනුති දහම්සා සහ විශ්වා ප්‍රසාදි සොයාගෙන ඇති අතර, සතිෂ් අනුහස් (13) තවමත් හමුවී නොමැත.

සතිෂ් අනුහස් සොයා බෝපිටිය පොලිස් ස්ථානයේ නිලධාරීන් සහ නාවික හමුදා නිලධාරීන් එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.

ස්ථානය: පමුණුගම මුහුදු තීරය
පදිංචිය: ජා-ඇල, නිවන්දම

සතිෂ් අනුහස් සොයා ගැනීම සඳහා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

(ජා-ඇල ටවුම පිටුවෙනි)

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here