මීගමුව කලපුවේ මොදා මසුන් වගාකරුවන්ට රු. මිලියන 6.1ක ආධාර ..

0
61

 

 

මීගමුව කලපුව තුළ මොදා මසුන් ඇති කරන ධීවරයින් මුහුණ දෙන ගැටලු නිරාකරණය කිරීම සඳහා විශේෂ සාකච්ඡාවක් පසුගියදා අගෝස්තු 28වන දින මීගමුව සම්බන්ධීකරණ කාර්යාලයේදී පැවැත්විණි.

මෙම සාකච්ඡාව මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති සහ ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න සහ ගම්පහ දිස්ත්‍රික් ධීවර අනුකමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙෆ්නි ප්‍රනාන්දු ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.


මෙම සාකච්ඡාවේදී මොදා මසුන්ගේ පැටව් ලබා ගැනීමේ දුෂ්කරතා, අභිජන මධ්‍යස්ථානයක අවශ්‍යතාවය සහ පැටවුන්ගේ ප්‍රමිතිය පිළිබඳව ප්‍රධාන වශයෙන් සාකච්ඡා විය.

ධීවරයින් පෙන්වා දුන්නේ ගුණාත්මක පැටව් හිඟකම සහ නිසි අභිජන පහසුකම් නොමැතිකම හේතුවෙන් නිෂ්පාදනයට බාධා එල්ල වන බවයි.

ධීවර ජීවනෝපාය ශක්තිමත් කිරීමේ අරමුණින් රජය මගින් විශාල මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇතැයිද සැලය.

. ප්‍රජා ශක්ති වැඩසටහන යටතේ
දිළිදුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය යටතේ සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් මීගමුව කලපුවේ මොදා මසුන් වගා කරන්නන්ගේ ග්‍රාමීය ධීවර සංවිධානයේ සාමාජිකයින් සඳහා දැල් කූඩු පද්ධති සැකසීමට අවශ්‍ය ද්‍රව්‍ය ආධාර ලෙස රු. 4,646,278.89 ක් මෙම වසරේදී ලබාදීමට නියමිතය.

සමෘද්ධි ව්‍යාපාරය යටතේ
අස්වැසුම ලාභී පවුල් 7ක් සහ සමෘද්ධි ලාභී පවුල් 8ක් සඳහා දැල් කූඩු පද්ධති සකස් කර ගැනීම සඳහා රු. 1,500,000.00 ක අමතර ආධාරයක් ලබාදීමට ද කටයුතු යොදා ඇතැයිද ප්‍රකාශ විය.

 

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here