කොච්චි සහ පාස්තා….

0
14

අවුරුද්දකට මම එක කොච්චි ගහක් හිටවනවා. මේ ගහේ කොච්චි තමයි මම මුලු අවුරුද්දම කන්නෙ.

ඉතාලිකෑම රෙසිපි වලට සැර එන්න අපේ මිරිස් කුඩු, තුනපහ ගැලපෙන්නෙ නෑ. එයාලා පාස්තා ගොඩක් වෙලට සැර වෙන්න දාන්නෙ කොච්චි මිරිස් කරලක්. මේක නැවුම් වෙන්න පුලුවන් ඒ‌ නැති කාලයට වේලපු කරලක් දෙකට කඩලා දානවා.

මේ කොච්චි වලට ඉතාලියෙන් කියන්නෙ පෙපරොන්චීනි පිකාන්තෙ කියලා. ඉතාලිජාතිකයො නම් එකකින් එහා යන්නෙ නෑ. ඒ‌ත් අපිට නම් දෙකක් තුනක් දාලා කන්න පුලුවන්. ඉතාලියෙ ප්‍රසිද්ධ පාස්තා එකක් වන ආ‌ල්යො ඔලියෝ පෙපරොන්චීනි කියන පාස්තා එකේ අමුද්‍රව්‍ය තුන ඔලිව් තෙල්, කොච්චි සහ සුදුලූණු.


ඉතාලියෙ කොච්චි කරල ඇ‌ස්වහ කටවහ නැති වෙලා වාසනාව ගේන සලකුණක්. ඒ‌ හින්ද කොච්චි කරල හැඩයෙ කරාඹු පෙන්ඩන්ට් වගේ දේවල් පළදනවා. අප මිරිස් දෙහි වලින් හදපු ආ‌රක්ෂා වාහන වල එල්ලනවා වගේ ඉතාලි අයත් කොච්චි කරලක් වාහනේ පසුපස බලන කණ්ණාඩයෙ එල්ලලා තියෙනවා.

මේවා වැඩිපුර කරන්නෙ කම්පානියා පලාතෙ අය(නාපෝලි අවට). වාහන වල විතරක් නෙවෙයි ගෙවල් වලත් මිරිස් කරල් එල්ලනවා.

වරක් මම අලුත ගෙට ගෙවදිච්ච සිසිලියෙ පවුලකට දුන්නෙ නැවුම් කොච්චි පොකුරක්. ඒ‌කට එයාලා සතුටු වුනු තරම කියන්න බැරි තරම්. එකක් නාපෝලියෙන් පහළ අය කොච්චි මිරිස් වලට ප්‍රියයි. අපි වගේ මිරිස් කන අයත් ඉන්නවා. මේ කොච්චි කන එක ශරීර සෞඛ්‍යයට හොඳයි කියලත් කියනවා.

ඉස්සර පාට පාට කොච්චි එන්න කලින් අපේ රටවලත් මේ වගේම සැර කොච්චි වර්ගයක් වතු වල නිකන් හැදුනා. කුරුල්ලො කාලා දාන වසුරු වලින් තමයි මේව බෝ වුනේ. එක කොච්චි කරලක් හූණු බිජුවක් වගේ.

දැන් කියන්නම්කො හූණු බිජු ගැන. ඒ‌ ඇ‌විල්ලා සූදුරු වලට වටේට සීනි තවරලා හදලා තිබ්බ කෑමක්. අමු කොච්චි සම්බෝලයක් කොටල තම්ඹපු කොස්,දෙල්,රොටී,උලුදු වඩ වගේ කොයි එක්කත් මරු. ඉස්සර පොඩිම කාලෙ අපි ඤාති සහෝදරයො ටික මලු වලට මේ කොච්චි කඩලා විකුණලා කඩචෝරු කනවා.

මේ කොච්චි වලට පස්සෙ සුදු කොච්චි ලන්කාවෙ වවන්න ගත්තා. දැන් නම් නොකෑවත් ලන්කාවෙ වගේම ඉතාලියෙත් විවිධ වර්ගයෙ කොච්චි වවනවා. ඇ‌ත්තටම සමහරු වවන්නෙ මල් පදුරු වගේ.

මමත් මේක ලස්සනට වවලා, මේ දවස් වල නම් කෑම හදන වෙලාවට නැවුම් කරලක් කපා ගන්නවා. ඒ‌ත් සීත කාලයට වේලලා බෝතලයක දාලා තියලා ඒ‌ක පාව්ච්චි කරනවා. මට මේ විදිහ කරල් 100ක් විතර තිබ්බොත් අවුරුද්දටම ඇ‌ති.

ඉතාලිබුවා.
09/09/26 ඉතාලිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here