කෝකිලායි ධීවර ගම්මානය දැඩි වෙරළ ඛාදනයට ගොදුරු වෙමින් තිබෙන බව ගම්වාසින් පවසා සිටින්නේ දැන් කාලයක සිටය
දිට්වා සුළි කුණාටුව විසින් කෝකිලායි ගම්මානයට දැඩි හානියක් සිදුකළ අතර මේ වන විට තත්ත්වය තවත් බරපතල වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් රජය කිසිඳු පියවරක් නොගැනීම ගැන කෝකිලායි ගම්මානයේ ජනතාව සිටින්නේ දැඩි කණස්සල්ලෙනි.
. සාගරය සුරැකීම සම්බන්ධව සිදුකරන ජාත්‍යන්තර දින සැමරීම් වලින් එහා ගොස් වෙරළ තීරය ආරක්ෂාකර ගැනීමට අවශ්‍ය විද්‍යාත්මක හා පාරිසරික වැඩපිළිවෙලක් ඉක්මණින් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවයක් මතුව තිබේ.
මීගමුවට සහ කොළඹට මාළු එවන ප්‍රධාන ධිවර ගම්මානයක් වන්නේද කෝකිලායි ගමයි.
මේ සම්බන්ධයෙන් බලධාරින්ගේ අවධානය යොමුව්ය යුතුය.

















