ශ්‍රී ලංකන් ගුවන් යානා තුළ මත්පැන්සල්‘ අත්දැකීමක්?

0
125

​ශ්‍රී ලංකන් ගුවන් සේවයේ (SriLankan Airlines) ගුවන් ගමන්වලදී ඩියුටි-ෆ්‍රී (Duty-Free) ක්‍රමය යටතේ මත්පැන් මිලදී ගැනීමට ඉන්දීය මගීන් පෙන්වන දැඩි උනන්දුව නිසා, යානා අභ්‍යන්තරය හරියටම “පොහෝ දිනකට පෙර මත්පැන්සලක් (Wine Store) අසල පෝලිම” සිහිගන්වන මට්ටමට පත්ව ඇති බව වාර්තා වේ.

​බොහෝ මගීන් ගුවන් ගමන අතරතුරදී තීරුබදු රහිත මත්පැන් ලබා ගැනීමට එකවර කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් වීම නිසා ගුවන් සේවකයන්ටද විශාල තදබදයකට මුහුණ දීමට සිදුවී තිබේ. පොහෝ දිනකට පෙර දිනයේ දිවයිනේ මත්පැන්සල් ඉදිරියේ මත්පැන් මිලදී ගැනීමට ජනතාව පොලිස් පෝලිම්වල ලොකු තෙරපීමකින් යුතුව බෝතල් මිලදී ගැනීමටරැස්වෙන අයුරින්ම, මෙම ගුවන් යානා තුළද ඉන්දීය මගීන් විසින් මත්පැන් මිලදී ගැනීම සඳහා එකිනෙකාට මුහුණ දෙමින් කරන ලද කලබලකාරී හා උනන්දු සහගත හැසිරීම් මේ වන විට සමාජ මාධ්‍ය තුළද කතාබහට ලක්ව ඇත.

​ගුවන් ගමන් ආරක්‍ෂාව සහ මගී කළමනාකරණය යටතේ සීමිත ඉඩකඩක් තුළ මෙම මත්පැන් අලෙවි කිරීම් සිදුකළද, ඉන්දීය මගීන්ගේ මෙම හදිසි සහ අධික ඉල්ලුම හේතුවෙන් ගුවන් යානා තුළ ඇතිවී තිබෙන තත්වය බොහෝ දෙනාගේ විහිළුවට හා කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here