පුනරුද පාලනය රටේ බලය අරගෙන දැන් අවුරුදු දෙකක්.
මිගමු මහනගර සභාව තුල මාලිමා පාලනය පටන් අරගෙනත් දැන් අවුරුදු ඒකාමාරක් විතර වෙනව.
වෙරළ පිරිසිදු කිරිමේ වැඩේට ඇවිත් හිටපු නියෝජ්‍ය නගරාධිපති ෆසීර් වෙරළ ගැන කතා කරනව දැකල මේ කෙටි සටහන ලියන්න කියල හිතුනෙ.
වෙරළ ගැන සෑහෙන විස්තරයක් කියමින් සිය ෆේස්බුක් පිටුවේ පළකරපු නියෝජ්‍ය නගරාධිපති නිකමටවත් බිච් පාක් එක ගැන කතා කරන්නේ නැ.
එයාටත් දැන් මතක නැතුව ඇති එයාගේ ෆේස්බුක් පිටුවේ පුනරුද පාලනය පටන්ගත්තු කාලේ දාල තිබුනේ බිච් පාක් එක අරගෙන ඉවරයි කියල.
හැබැයි අත්තම යටතේ වෙරළ පිරිසිදු කරනකොටත් බිච් පාක් එකේ ආදායම් ගන්නේ ලංසා පවුල බව දැන් මිගමුවේ මාලිමා මන්ත්‍රීලට මතකවත් නැ.
ඇත්තටම බිච් පාක් එකයළිත් මහනගර සභා පාලනය යටතට ගන්න මිගමුවේ මාලිමා පාලනයට වැඩපිලිවෙලක් තියෙනවද ?
නඩුවක් තියෙනව කියල මේ කතාව මගඅරින්න මේ බොහෝ අය පුරුදු වෙලා.හැබැයි මැතිවරණ කාලේ මෙයාල කිව්වේ මොනවද කියල මේ අයටම දැන් මතක නැ.
මේව මතක් කරල දෙන්න තරම් හයියක් තියෙන විපක්ෂයකුත් නැති තරම්.
ශක්තිමත් පුරවැසි ක්‍රියාකාරිත්වයක් මිගමුවට ඇත්තටම අවශ්‍යය ඒකයි.
අමතක කරන්න එපා මිගමුවේ ලංසා පවුල් පාලනයත් රටේ රාජපක්ෂ පාලනයත් පෙරළුවේ ශක්තිමත් පුරවැසි බලවේගයක් ගොඩනැගුන නිසා.හැබැයි මිගමුවෙදි නම් සංගිත් ඇරෙන්න මාලිමාවේ කිසිකෙනෙක් මේ පුරවැසි ක්‍රියාකාරිත්වය ශක්තිමත් කරන්න ඇත්තටම සම්බන්ධ වුනේ නැ.
එස්.එම් ප්‍රනාන්දු




















