මීගමුව පිටිපන ලෙල්ලමේ මත්ස්‍ය අලෙවි ගැටලු විසඳීමට සාකච්ඡා ඇරඹේ.

0
16

 

​මීගමුව පිටිපන ලෙල්ලම් භූමිය තුළ මත්ස්‍ය අලෙවිකරණයේදී මතුවී ඇති ගැටලු සහ වෙනත් දිස්ත්‍රික්කවල සිට යාත්‍රා මෙන්ම ෆ්‍රීසර් රථ මගින් මත්ස්‍ය සම්පත රැගෙන ඒම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පසුගිය (30) දින මීගමුව ධීවර කාර්යාලයේදී පවත්වන ලදී.

​මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වූයේ ජීවිත අවදානම් මධ්‍යයේ මුහුදු ගොස් ධීවර කර්මාන්තයේ නියැලෙන ප්‍රාදේශීය ධීවරයින්ගේ මත්ස්‍ය සම්පතට නිසි මිලක් ලබාදීම සහ පාරිභෝගික ජනතාවට දැරිය හැකි සාධාරණ මිලකට මසුන් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමයි. ඒ සඳහා ලෙල්ලම් පරිශ්‍රය නිසි පරිදි නියාමනය කිරීමේ දැඩි අවශ්‍යතාවය සාකච්ඡාවට එක්වූ පාර්ශවයන් විසින් පෙන්වා දෙන ලදී.

​ඉදිරිපත් වූ කරුණු සම්බන්ධයෙන් ගැඹුරු අධ්‍යයනයක් සිදුකළ අතර, සියලුම පාර්ශවයන්ට සෑහීමකට පත්විය හැකි සහකාරී විසඳුමකට මෙහිදී එළඹීමට හැකි වු බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.

​මීගමුව සම්බන්ධීකරණ කමිටු සභාපති, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න
​පාර්ලිමේන්තු මන්ත්‍රී, දිස්ත්‍රික් ධීවර අධීක්ෂණ මන්ත්‍රී ස්ටෙප්නි ප්‍රනාන්දු
​මීගමුව මහනගර සභාවේ නියෝජ්‍ය නගරාධිපති ෆසීර් මොහොමඩ්,
​නාගරික මන්ත්‍රීවරුන් සහ ධීවර කාර්යාලයේ නිලධාරීන් සහ
​ධීවර සමිති නියෝජිතයින්
ඇතුළු පිරිසක් සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here