මීගමුවේ කරවල ප්‍රමිතිය ගැන සම්බන්ධිකරණ කමිටුවේදී කතාකරලා වසරක් – තාමත් ක්‍රියාකාරී සැලැස්මක් නෑ?

0
28

 

 

පසුගිය වසරේ සැප්තැම්බර් 24 (2025.09.24) දින මීගමුව නගර ශාලාවේ පැවති මීගමුව සංවර්ධන කමිටු රැස්වීමේදී මීගමුවේ කරවල නිෂ්පාදනය පිළිබඳව විශේෂ අවධානය යොමු කර වසරක් ගත වී අවසන්ය.

එහෙත් අද වනතුරුත් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාත්මක වී ඇත්ද යන්න සැකසහිතය.

මීගමුව ප්‍රදේශයේ කරවල නිෂ්පාදනය, එනම් කරවල වේලීම සිදු කරන ප්‍රදේශ 05ක් ලෙස හඳුනාගෙන තිබේ. දූව-පිටිපන, කුට්ටිදූව, පළඟාතුරේ, කම්මල්තොඩේ (කච්චෝඩේ) සහ මංකුලිය එම ප්‍රදේශ වේ.

එයින් දූව-පිටිපන හැර අනෙකුත් සියලුම ප්‍රදේශවල කරවල වේලීම වැඩිපුරම සිදු කරනු ලබන්නේ වෙරළාශ්‍රිතවය. දූව-පිටිපන ප්‍රදේශයේ බොහෝ විට පෞද්ගලික ඉඩම් වල කරවල වේලීම සිදු කෙරේ.

මෙහිදී මූලිකව අවධානය යොමු වී ඇත්තේ කරවල වේලීමේදී එම නිෂ්පාදන වල උසස් ප්‍රමිතිය, සෞඛ්‍ය ආරක්ෂිත බව සහ නිෂ්පාදනයේදී අවට පරිසරයට සහ මහජනතාවට සිදුවන බලපෑම අවම කිරීම යන කරුණු කෙරෙහි ය.

එහිදී මීගමුව සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ වෙනත් ආහාර නිෂ්පාදන වල ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා ප්‍රතිපත්ති සකස් කර ඇතත්, කරවල නිෂ්පාදනයේදී එම ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා කිසිදු ප්‍රතිපත්තියක් මෙතෙක් සකස් කර නොමැති බවයි.

මිගමුවේ මාලිමා පාලනය මේ සම්බන්ධයෙන් කඩිනමින් ක්‍රියාකාරි වැඩපිලිවෙලක් හදන්න දැන්වත් මුල පුරයිද?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here