මීගමුව, වෑබඩ පාරේ ඝාතනයක් … යතුරුපැදිකරුවෙකු කපා කොටා ඝාතනය කරයි …..

0
35

 

අද (06/10/2026) අලුයම 3.00 ට පමණ මීගමුව, වෑබඩ මාර්ගයේ කටුවාපිටිය දෙසට ගමන් කරමින් සිටි යතුරුපැදිකරුවෙකු නාඳුනන පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබේ. මෙම සිදුවීමත් සමඟ ප්‍රදේශවාසීන් දැඩි තැතිගැන්මකට ලක්ව ඇති අතර, මීගමුව පොලීසිය පුළුල් විමර්ශන ආරම්භ කර ඇත.

ඝාතනයට ලක්ව ඇත්තේ, දෙමංහන්දිය, උතුරු කදිරාන, ඇටඹගහවත්ත ප්‍රදේශයේ අංක 415/ 226 දරන ස්ථානයේ පදිංචි 43 හැවිරිදි, තම්මිටගේ චන්දන ප්‍රසන්න පෙරේරා නමැති අය බවට හඳුනාගෙන ඇත. ඔහු BLM – 0803 අංකය දරන බජාජ් සී.ටී.-100 ( CT-100) වර්ගයේ යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී, මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් කිහිප දෙනෙකු විසින් ඔහුට තියුණු ආයුධ වලින් ⁣ ප්‍රහාර දී මෙම ඝාතනය සිදුකර ඇතැයි වාර්තාවේ.

ඝාතනයට පැමිණි පුද්ගලයන් පිළිබඳව මේ වන විට කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැති අතර, මීගමුව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි. මෙම ඝාතන සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පොලීසිය සැකකරුවන් හඳුනාගැනීමටත්, අත්අඩංගුවට සඳහාත් මෙහෙයුම් දියත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here