මීගමු මහනගර සභාවට යළිත් “රථ” ගාය…

0
348

 

මීගමුව මහා නගර සභාවේ නිල වාහන බෙදා ගැනීම සඳහා නිලධාරීන් සහ ධුරධාරීන් අතර මේ වන විට ආරවුලක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ වනවිට සභාව සතු වාහනයකින් මෙම ගැටළුව කළමනාකරණය කර නොගෙන සුඛෝපභෝගී වාහනයක් කුලී පදනම යටතේ ලබාගැනීම සඳහා කටයුතු සිදුකරමින් පවතින බවද එම සේවකයෝ පවසති.

දැනට නගරාධිපතිවරයා සහ නාගරික කොමසාරිස්වරයා වෙනුවෙන් නිල රථ වෙන්කර ඇති අතර නියෝජ්‍ය නගරාධිපතිවරයාද තමන්ටත් වාහනයක් ඇවැසි යැයි කරන්නට යෙදුන ඉල්ලිම මත මෙම වාහන ප්‍රශ්ණය මතුව තිබුණි.

කෙසේ වෙතත් නියෝජ්‍ය නගරාධිපති වාහනයක් ලබා දිමට ඇති අවශ්‍යතාවය මත ලංසා හවුල් පවුල් පාලනය විසින් අටවා තිබුන උප්පරවැට්ටියක් ප්‍රයෝජනයට ගැනිමට මාලිමා පාලනයට සිදුව තිබිම සැබැවින්ම දෛවයේ සරදමක් යැයි තතු දත් නගර සභා සේවකයෝ මීපුරට කියා සිටියහ.

බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස්ගේ අත්සනින් CM/WP/87/02/01 අංකයෙන් හා 2018.09.11 දින නිකුත්කර ඇති පළාත් පාලන ආයතන සතු නිල වාහන පෞද්ගලික කටයුතු සඳහා යොදා ගැනීම යන සිරසින් නිකුත්කර ඇති ලේඛනය පදනම් කරගනිමින් මීගමුවේ පුනරුද පාලනය දැන් නියෝජ්‍ය නගරාධිපතිට වාහනයක් ලබාදිමට කටයුතු කරමින් සිටි.( බස් එකේ ගොස් වැඩකරනවා යැයි කියු අය දැන් හැසිරෙන්නේ මේ ආකාරයටය.)

කෙසේ වෙතත් නියෝජ්‍ය නගරාධිපතිට වාහනයක් ලබාදිමට මහනගර සභා පාලනය යටතේ ප්‍රතිපාදන නැතැයි නම සඳහන් කිරිමට අකැමති ජේෂ්ඨ නාගරික මන්ත්‍රිවරයෙකු අප කළ විමසුමකට පිලිතුරු දෙමින් පවසා සිටියේය.

මුලාශ්‍රය – negombotoday.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here