මීගමුව බන්ධනාගාර ගැටුමින් ජීවිතක්ෂයට පත් හා තුවාල ලැබූ නිලධාරීන්ට වන්දි

0
13

 

 

2026 ජූලි 05 සහ 06 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම් හේතුවෙන් රාජකාරියේ නිරතව සිටියදී ජීවිතක්ෂයට පත් වූ සහ තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් සඳහා විශේෂ වන්දි සහ සහන ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව, රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක 22/93 යටතේ ගෙවනු ලබන වන්දිවලට අමතරව විශේෂ වන්දි මුදල් ලබාදීමට තීරණය කර ඇත.

ඒ යටතේ ජීවිතක්ෂයට පත් වූ සෑම නිලධාරියෙකුටම රුපියල් මිලියන 5ක වන්දි මුදලක් ලබාදීමට නියමිතය. පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරීන්ට ද රුපියල් මිලියන 5ක වන්දි මුදලක් හිමි වේ.

එමෙන්ම, අර්ධ ආබාධිත තත්ත්වයට පත්වීම හේතුවෙන් උපරිම ඉපැයීමේ ශක්තිය සියයට 100කින් අහිමි වූ නිලධාරීන්ට රුපියල් මිලියන 4ක වන්දි මුදලක් ද, තාවකාලික අර්ධ ආබාධිත තත්ත්වයට පත් වූ නිලධාරීන්ට රුපියල් මිලියන 3ක වන්දි මුදලක් ද ලබාදීමට අනුමැතිය හිමිව ඇත.

මීට අමතරව, බන්ධනාගාර උපක්‍රමික බලකායට නෛතික තත්ත්වයක් ලබාදීම සඳහා අවශ්‍ය විධිවිධාන ඇතුළත් කරමින් බන්ධනාගාර ආඥාපනත සංශෝධනය කිරීමට ද තීරණය කර තිබේ.

එම බලකාය ශක්තිමත් කිරීම සඳහා ප්‍රමාණවත් හා සුදුසු නිලධාරීන් බඳවා ගැනීම, අදාළ ක්ෂේත්‍රයන්හි විධිමත් පුහුණුව ලබාදීම සහ අවශ්‍ය නවීන උපකරණ සැපයීම ද අනුමත කර ඇති සහන හා සංවර්ධන වැඩපිළිවෙළට ඇතුළත් වේ.

තවද, බන්ධනාගාර උපක්‍රමික බලකාය සඳහා සුදුසු ස්ථානයක මූලස්ථානයක් පිහිටුවීමට ද පියවර ගැනීමට නියමිතය.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here