ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාගෙන් මිස, නීතියෙන් නොවේ …

0
16

PSTA සහ OCA කෙටුම් පත් සංවාද සාකච්ඡාවකින් තොරව සම්මත නොකරන බවට ජනාධිපති තුමා විසින් ගත් තීරණය ඉතා වැදගත්. ජනතා හඩට සවන්දීම පරාජයක් හෝ පසු බෑමක් හෝ නොවේ.

එය නිවැරදි දේ කිරීමකි. ජනතාවට දැක්වූ ගෞරවයකි. ඔබගේ තීරණය පරිදි පුළුල් ලෙස සංවාද කර ජනතාව සමග එක්ව තීන්දු ගෙන එකග වන දෑ නීති ගත කරන්න.

ආණ්ඩුවට ආරක්ෂාව පළමුව ලැබිය යුත්තේ ජනතාව විසින් මිස, නීතියෙන් හෝ පොලිසියෙන් හෝ ආරක්ෂක හමුදාවෙන් හෝ නොවේ. ආණ්ඩුව ජනතාවාදී වන විට එම ආරක්ෂාව සැපයීම ජනතා විසින් සිදු කරනු ඇත.

පෙර සදහන් කෙටුම් පත් ගැන පමණක් නොව ජනතාවට බලපාන සෑම නීතියක්ම සහ ව්‍යාපෘතියක්ම හැකි සෑම අවස්ථාවකදීම අදාළ ප්‍රජාව සමග පළමුව සාකච්ඡා කිරීමේ සංස්කෘතියට ආණ්ඩුව අනුගත විය යුතුයි.

එවැනි ක්‍රමවේදයකට තවමත් හුරු නැති මැති ඇමතිවරුන්ව ඊට හුරු කර ගන්න. ඔවුන්ව පුහුණු කර ගන්න. ආණ්ඩුව ජනතාවාදී ආණ්ඩුවක් වන්නේ එවිටයි. ජනතාව එවැනි ආණ්ඩුවකට ආරක්ෂාව දෙනු ඇත.

(ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමාගේ ෆේස්බුක් පිටුවෙනි)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here