රන්අභරණ සැලට පැමිණ සිටි පාරිහෝගිකයන් අතරේත් කොල්ලකරුවන්?

0
169

පසුගිය 17 වෙනිදා මීගමුවේ පුෂ්පා රන්අභරණ වෙළඳ සැලට කඩා වැදුනු මංකොල්ල කරුවන් පිළිබද පරික්ෂණ මේ දිනවල පුළුල් වෙමින් ඇතැයි පැවසේ .
මේ අතර එදින වෙළඳ සැලට පැමිණ සිටි එක් පාරිභෝගිකයෙකු වැඩි කාලයක් ගනිමින් වෙළද සැලේ රැදි ඇති නිසා ඔහුද මේ කොල්ලකරුවන්ගේ කල්ලියේදැයි දැන් සැකැයක් මතුව තිබෙන බව වාර්ථා වේ.
කෙසේ වෙතත් මෙතෙක් සිදුව ඇති සියළුම මංකොල්ලයන්ට වඩා වෙනස් විශේෂත්වයක් මේ මංකොල්ලය තුල තිබේ.
මෙතෙක් සිදුව සියළු මංකොල්ලයන්ට වඩා වැඩිම කොල්ලකරුවන් පිරිසක් සහභාගිව තිබුනේ මේ කොල්ලයටය.
පැමිණි ගණන 6 කි.
ගතකළ කාලය සහ ලොකු කලබලයක් නොමැතිවිමද කොල්ලයේ ඇති තවත් විශේෂයකි.
අනෙක් වැදගත්ම කරුණ වන්නේ වරින් වර මුහුණු ආවරණ විවර කිරිම සහ එහි පැමිණි රතු කමිසකාරගේ භූමිකාවයි.
කෙසේ වෙතත් කොල්ලය සිදුව සතියකටවත් වඩා ගෙවි ගොස් තිබුනද කොල්ලකරුවන් ගැන කිසිදු තොරතුරක් තවමත් නැත.
suspect 1

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here