ගාර්දාව තවත් තරුණයෙකු බිලි ගනී

0
103
  11774284_1060128460664304_1262245381_n (1)        පසුගිය ඉරුදින ඉතාලියේ වෙරෝනා නගරයේ ගාර්දා නදියේ දිය නෑමට ගිය අරවින්දට තමන් නොසිතූ ලෙස මෙලොවෙන් සමුගන්නට සිදුවුනි. ග්‍රීෂ්ම  සමය උදාවීමත් සමගම බොහෝ දෙනා ගංගා, මුහුදු සොයා යයි. මෙසේ තම නිවැසියන් සමග දිය නෑමට ගිය අරවින්ද  දියේ ගිලීම නිසා මරණයට පත් වී ඇත.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ එදින රාත්‍රී  10.30 ට පමණය.
27 ත් හැවිරදි අරවින්ද ධනන්ජය වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.
    මිතුරන් කිහිප දෙනෙකු සමග විනෝද වෙමින්  තරගයට දිය යටින් පිහිනීමේ තරගයක් පවත්වා ඇත.ගාර්දා නදියේ තිරස් අතට නොගැඹුරු තීරයේ පිහිනා ඇති අතර අරවින්ද පිහිනා ඇත්තේ ගැඹුරු දෙසට සිරස් අතටය. කිහිප වෙලාවකින් මිතුරන් උඩට පැමිණ ඇති අතර අරවින්දට මරණය උරුම කරමින් දිය මුදුනට ඒමට  නොහැකි විය.
  අරවින්දගේ පියා දක්ෂ කිමිදුම් කරුවෙකි.
ජිවිත ආරක්ෂක අංශයේ සේවය කල ඔහු  ජලයේ ගිලීමට ගිය ජීවිත බේරාගත්තත් තම පුතාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකිවීම පිළිබඳව මහත් සේ කම්පාවට පත් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here