මාධ්‍ය නිදහස උතුරේ තහවුරු කරන්න – ආරක්ෂක අංශ වෙතින් ඉල්ලීමක්

0
131

උතුරේත් දකුණේත් මාධ්‍යවේදී සහෝදරත්වය සංකේතවත් කරමින් ඊයේ දිනයේදී යාපනය බලා පිටත් වූ පිරිස අද දිනයේදී සියළුම ආරක්ෂක අංශවල ප්‍රධානීන් හමුවිය. එම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන්, යාපනය ප්‍රදේශය භාර ජේ්්‍යෂ්ඨ පොලිස් අධිකාරීවරයා සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාද සහභාගී විය. එහිදී උතුරේ මාධ්‍යවේදීන් සිය වෘත්තීය හමුවේ මුහුණ දෙන ගැටළු ආරක්ෂක අංශ ප්‍රධානීන් හමුවේ ඉදිරිපත් කරන ලදී.
උතුරේ මාධ්‍යෙව්දීන්ට සිය වෘත්තීය කටයුතු වලදී ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ගෙන් සිදුවන බාධා මෙන්ම අනවබෝධය මත ඇතිවන ගැටළු පිළිබඳව එම මාධ්‍යෙව්දීන් මෙම අවස්ථාවේදී මතුකළ අතර එම ගැටළු අවම කර ගැනීමට යෝජනා මෙන්ම අදහස් ද ආරක්ෂක අංශ වෙතින් පළ විය.
සිය වෘත්තීය කටයුතු සඳහා පහසුවන ලෙස මාධ්‍ය සම්බන්ධයෙන් දමිළ භාෂාවෙන් කටයුතු කිරීමට විශේෂ නිලධාරියෙකු පත්කරන ලෙසද මාධ්‍යෙව්දීන් විසින් ඉල්ලීමක් කරන ලදී.
පසුගිය පාලන කාලයේදී අතුරුදහන්වූ හා මරාදැමුණ මාධ්‍යෙවේදීන් පිළිබඳව සොයා බැලීමට බාරදුන් ලයිස්තුව පිළිබඳව විමිසා සිටි අතර ඒ සඳහා ආරක්ෂක අංශ වෙතින් ලැබුණ ප්‍රතිචාරය වූයේ මේ වන විට එම තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබෙන බවයි. මෙම සාකච්ඡාව අවසානයේදී අවම වශයෙන් මාස 3කට වරක්වත් ආරක්ෂක අංශ ප්‍රධානීන් හා උතුරේ මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය සංවිධාන නියෝජිතයන් අතර ඔවුන් මුහුණ දෙණ ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සාකච්ඡාවක් පැවැත්වීමටද යෝජනා විය.
උතුරු අඥාපති ජෙනරාල් මහේෂ් සේනානායක මහාත්ගේ ප්‍රධානත්වයෙන් පළාලි හි උතුරු පළාත් අඥාපති මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පවත්වන ලදී.

image-1e18256c5d62d23177c14b5bc491a58656af13ba24a3a29d0050874991dc3a90-V

image-a0e5968c4f0d63d6334c5c7e9e2f99ff88fae6ab6d524182c472512f6d014b08-V

image-8dd2e4dc3fb154d86e1ea342a8d915257a82c31f4d0ae59f2cfe141e40530520-V

image-fdb1f1ed94270b234c74cf653a464910e2f627521ce135e4f913bcba4d887d7e-V

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here