හොර වරිපනම් නඩේ සිදුකර ඇති නිතිවිරෝධි ක්‍රියා රැසක් හෙළිවේ !

0
113

briberyහොර වරිපනම් වාර්ථා සකස් කොට දැන් පොලිසියට මාට්ටු වි සිටින නිළධාරින් විසින් පසුගිය කාලය තුල මීගමුවේ සංවාරක කලාපය තුල සිදුකර ඇති නිති විරෝධි ක්‍රියා රැසක් පිළිබදව තොරතුරු දැන් හෙළිවෙමින් තිබේ.
අප දැන් බලා සිටින්නේ මීගමුව නාගරික කොමසාරිස්වරයා සහ නගරාධිපතිවරයා මේ මගඩිය ගැන ක්‍රියාකරන අන්දම ගැනය.
මීගමුව මහනගර සභාවට ලැබියු යුතු වන ලක්ෂ ගණන් මුදල් මේ නිළධාරින්ගේ නිතිවිරෝධි ක්‍රියා නිසා අහිමිව යමින් තිබේ.
මීගමුවේ බදුගෙවන ජනයාගේද දැනගැනිම පිනිස ඒවා සියල්ල හෙළිදරව් කිරිම ප්‍රතිපත්තිගරුක මාධ්‍යක වගකිම බව අප තරයේ විශ්වාස කරන්නෙමු.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here