මීගමුව බසියාවත්ත , දුන්ගාල්පිටිය වෙරළ තීරයේ දිගින් දිගටම සිදුවන දරුණු වෙරළ ඛාදනය මීගමුව මුහුදෙන් පොර්ට් සිටිය පිරවීමට අධික ලෙස වැලිගනීම් හේතුවෙන් සිදුවෙන බව එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ,මීට පෙර මෙවන් දෙයක් කිසිදිනක සිදු නොවූ නිසාය.මීගමුව කුට්ටිදුවේ කලපුවෙන් හාරන මඩ වෙරළට දැමීමෙන් එය නතර කරගත හැකියි වගකිව යුත්තෝ සිතනවා විය හැකිය. එහෙත් මේ වෙරළ ඛාදනය මුහුදෙන් වැලි ගන්නාතුරු නතර නොවන බව ඔවුන් පවසති.













