මීපුර පුවත පළදරයි..දෙමටපිටිය වැලිපොළ තහනමට.!!

0
30
      වැලිපොල 2.jpgමීට දින කිහිපයකට  පෙර අප විසින් හෙලිදරව්කල  වෙන්නප්පුව දෙමටපිටිය ප්‍රදේශයේ කාලයක් තිස්සේ පවත්වාගෙන ආ වැලි පොළ, වයඹ මධ‍යම පරිසර අධිකාරිය විසින් ඊයේ දිනයේ තහනම් කරන ලදි.
                  ප්‍රදේශයේ ගොවි සංවිධාන හා තරුණ සංවිධාන එකතුව මෙම වැලිපොළ සම්බන්ධයෙන් අවස්ථා ගනනාවකදී අදාළ ආයතන හා නිළධාර්‍රන් දැනුවත් කරන ලදි.එහි ප්‍රථිඵලයක් වශයෙන් දින කිහිපයක් ආදාළ නිළධාරීන්ගේ නිරීක්ෂණයට ලක්විය. ඊයේ දිනයේ මධ‍යම පරිසර අධිකාරීයේ හා ප්‍රදේශීය සභාව ගත් තීරණයකට අනුව මෙය තහනමකට ලක් කෙරිනි.
  මෙම වැලිපොළ කොච්චිකඩේ ප්‍රසිද්ධ යතුරු පැදි  ව්‍යාපාරිකයෙක් විසින් පවත්වාගෙන යන ලදි.පස් සෝදා වැලි ගැනීමේන් පසු ඉතිරිවන රෝන්  මඩ  අවට වෙළ ගොඩ කරමින් දිනෙන් දින මෙම කර්මාන්තශාලාව විශාල කර තිබෙන බව එම ප්‍රදේශවාසින් පවසයි. මෙම වැලිපොල නිසා  පරිසර  සාධක විශාල වශයෙන් තර්ජනයකට ලක් වී තිබුනී. මේ අවට තවත් එක් පස් සෝදා මරද වැලි ගැනීමේ කර්මාන්ත්ශාලාවක්  තවමත් ක්‍රියාත්මක වෙමින් පවතී.
      දේශපාලන හා ධනකුවේරයන්ට යටත්ව තිබූ නීතීය , පුරවැසි සංවිධානවල එකමුතුවෙන් නැවත් පණ ගන්වන්නට ලැබිම මහත් ජයග්‍රහණයකි.